( තිළිණි ද සිල්වා )
පුද්ගල ජාවාරම් චෝදනා මත ඉතාලියේ මිලාන් නුවර ගුවන්තොටුපළකදී අත්අඩංගුවට පත් ලාංකිකයා රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු නොවන බවට තහවුරු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.
පුද්ගලයින් සිව් දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තා වල සත්‍ය අසත්‍ය බව තහවුරු කරගැනීමට අමත්‍යාංශය විසින් සිදු කළ විමර්ශනයේදී මෙම කරුණු තහවුරු වී ඇති බවද එම අමාත්‍යාංශය අද (18) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සිදු කරනු ලැබූ විමර්ශනයේදී මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ලාංකිකයා මුණගැසී ඇති අතර එහිදී ඔහු රාජ්‍යතාන්ත‍්‍රිකයකු නොවන බව තහවුරු කර ගැනීමට හැකිවී ඇත.
අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශශයේ හෝ සේවය නොකරන බවත් , අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍යතාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක්ද නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මොහු සම්බන්ධයෙන් සෙයා බැලීමට සිදු කළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්රියක් මඟින් මෙම පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති අයෙකු බවද හෙලී වී ඇතැයි අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙම පුද්ගලයා කොන්ත‍්‍රාත් පදනම මත 2012-2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත‍්‍රික තනතුරක් දරා ඇති අයෙකුවන අතරම , කොන්ත‍්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කර ගැනීමට හැකි වී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සමඳහන් වේ.
නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියකු බව පැවසෙන අයකු අත්අඩංගුවට ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඉතාලි වරීස් ප්‍රෙස් ඇතුළු මාධ්‍යය කිහිපයක්ම වාර්තා කර තිබිණි.
2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පුද්ගල ජාවාරම් කළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු නොවේලු
පිටිගල මිලානෝ Tuesday, 18 September 2018 07:34 PM
මේ අය දැනටමත් නිදහස් කරලා ඉවරයි. මීළඟ උසාවි වාරය එන තෙක් නම් කර ඇති පොලිසියකට මසකට වරක් වාර්තා කල යුතු අතර අසනීප තත්වයක් ඇතිවුනොත් ඕනෑම රෝහලකට යා හැකි අවසර පත්‍රයක්ද ඔවුන් සතුව ඇත. මට ආරංචි පරිදි මොවුන්ට විශාල නෑදෑයෝ සංඛ්‍යාවක් මිලානෝ සහ යුරෝපයේ ඇති අතර මොවුන්ගේ පැමිණීම වෙනුවෙන් ඔවුන් අතර ප්‍රිය සම්භාෂණ පවා ජයටම සිදු වුනා.