(රංජන් කස්තුරි)
පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියන් හිමි වී තිබේ.
ඒ අනුව පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු හැර අනෙකුත් සියලු සේවාවන් සඳහා පනවා තිබු වැට් බද්ද ඉවත් කෙරෙන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
COMMENTS
ඔය මොනවා අඩු කළත් පෞද්ගලික රෝහලෙන් දෙන බිලේ නම් අඩුවක් වෙන්නේ නැහැ. අපේ රටේ මෝඩයින්ට වෛද්‍ය අධ්‍යාපනය මුදල් ගෙවා ලබාගැනීම, ජාතික අපරාධයක් වුණාට, මිනිස් ජීවිතය මුදල මත තීරණය වීම විශිෂ්ඨ උතුම් සේවාවක් නේද?
වැට් 15% ක් මිස 50ක් නොවේ..
හදවත්, බයිපාස් වගේ සැත්කම්වලදී අනිවාර්යයෙන්ම රෝහල් කාමරයක නතර වෙන්නම ඕනි. ගෙදර ඉඳන් හරි, බෝඩිමක ඉඳන් හරි එන්න බැහැනේ... රෝහලේ නතර වෙන්නේ විනෝදයට, පහසුවට නොවෙයි. අනේ ඉතින් ඒ මිනිහෙකුටවත් සහනයක් දෙන්න ඕනෑ කියලා මේ ජනහිතකාමී ඇමැතිතුමාලාගේ මීටරේ වැඩ කරන්නේ නැත්තේ කාගේ කරුමයක්ද?
රෝගීන්ගෙන් කුමන ආකාරයක හෝ බද්දක් අයකිරීම ඉතා අසාධාරණ ක්‍රියාවකි. ඉන්දියාව වෛද්‍ය උපකරණ ආනයනය කිරීමේදීවත් බදු අය කරන්නේ නැත.