IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෞද්ගලික සෞඛ්‍ය සේවා වැට් බද්ද ඉවතට

(රංජන් කස්තුරි)
 
පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා  සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියන් හිමි වී තිබේ.
 
ඒ අනුව පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු හැර අනෙකුත් සියලු සේවාවන් සඳහා පනවා තිබු වැට් බද්ද ඉවත් කෙරෙන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ අද (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
 
ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 
 



අදහස් (4)

පෞද්ගලික සෞඛ්‍ය සේවා වැට් බද්ද ඉවතට

රොෂාන් Wednesday, 25 July 2018 09:54 AM

ඔය මොනවා අඩු කළත් පෞද්ගලික රෝහලෙන් දෙන බිලේ නම් අඩුවක් වෙන්නේ නැහැ. අපේ රටේ මෝඩයින්ට වෛද්‍ය අධ්‍යාපනය මුදල් ගෙවා ලබාගැනීම, ජාතික අපරාධයක් වුණාට, මිනිස් ජීවිතය මුදල මත තීරණය වීම විශිෂ්ඨ උතුම් සේවාවක් නේද?

:       1       192

akila kularathne Wednesday, 25 July 2018 11:10 AM

වැට් 15% ක් මිස 50ක් නොවේ..

:       1       2

Chandima Wednesday, 25 July 2018 12:12 PM

හදවත්, බයිපාස් වගේ සැත්කම්වලදී අනිවාර්යයෙන්ම රෝහල් කාමරයක නතර වෙන්නම ඕනි. ගෙදර ඉඳන් හරි, බෝඩිමක ඉඳන් හරි එන්න බැහැනේ... රෝහලේ නතර වෙන්නේ විනෝදයට, පහසුවට නොවෙයි. අනේ ඉතින් ඒ මිනිහෙකුටවත් සහනයක් දෙන්න ඕනෑ කියලා මේ ජනහිතකාමී ඇමැතිතුමාලාගේ මීටරේ වැඩ කරන්නේ නැත්තේ කාගේ කරුමයක්ද?

:       0       1

Sanath Wednesday, 25 July 2018 12:17 PM

රෝගීන්ගෙන් කුමන ආකාරයක හෝ බද්දක් අයකිරීම ඉතා අසාධාරණ ක්‍රියාවකි. ඉන්දියාව වෛද්‍ය උපකරණ ආනයනය කිරීමේදීවත් බදු අය කරන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site