(විනීතා එම්. ගමගේ)
පෞද්ගලික බස් ධාවනය නැවතුණු මාර්තු 20 වැනිදා සිට මේ දක්වා බස්රථ හිමියන්ට රුපියල් කෝටි 700 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. පෞද්ගලික බස්රථ ධාවනය කිරීම සම්බන්ධව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යවරයා හා පෞද්ගලික බස් හිමියන් අතර එම අමාත්‍යංශයේ දී හෙට (12) පෙරවරු 10.00 ට සාකච්ඡාවක් පැවැත්වෙන බව කී විජේරත්න මහතා නිරෝධායන නීති පිළිපදිමින් සෞඛ්‍යාරක්ෂිතව බස් ධාවනය කිරීම පිළිබඳව එහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
දැනට කඩාවැටීමකට ලක්වී ඇති පෞද්ගලික බස් ධාවන ව්‍යාපාරය යළි පණ ගැන්වීම කෙරෙහි එහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද විජේරත්න මහතා කීය.
මාසයකට අධික කාලයක් තිස්සේ බස් රථ එකතැන ගාල් කර තැබීම නිසා බස්රථවල දෝෂ ඇතිවී ඇතැයි බොහෝ බස්රථ හිමියන් මැසිවිලි නගන බවත් ඒවා සකසා ගැනීම ගැන මෙන්ම ඉන්ධන සහනාධාරයක් පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික බස් රථ කිසිවක් ධාවනය කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලද බවත් බස්රථයක් එනතුරු වැඩ කරන ජනතාව මහ මග රස්තියාදු වන බව අද දවසේ දැකිය හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පෞද්ගලික බස් මාෆියාව නැලවීම දැන්වත් නවත්තන්න. සහනාධාර දෙනවා නං හවස 6 න් පස්සෙත් සේවා සැපයීම අනිවාර්‍ය කරන්න. සෙනග ඉන්න වෙලාවට පොල් පටලා වගේ ගිහින් උපරිම ලාභ හොයනවා මේ හොරු.
පුද්ගලික බස්රථ සේවය මේ සමගම අහෝසි කරලා බස්රථ ටික ලංකා ගමනා ගමන මණ්ඩලයට විකුණලා දාන්න. රියදුරු සහ කොන්දොස්තර මහතා සේවය සඳහා යා කරන්න පුළුවන්... ඒ වගේම බස්රථ හිමියන්ට මාසික අදායමක් ඕනෑ නම් එම මුදල් සංගමයක් විදිහට ලංකා ගමනාගමන මණ්ඩලයේ ආයෝජනය කොට අාදායමෙන් කොටසක් ලබාගන්න පුළුවන්... අදහසක් විතරයි. දෙපැත්තම කැමතිනම් මේවා ඉතින් සාකච්ඡා කරලා කරන්න ඕනෑ.
බොරතෙල් මිල අඩුවී ඇති අවස්ථාවක එම සහන ජනතාවට ලබා දිය යුතුයි.
බස් මගීන් ව සැලකුවේ රුපියල් 10 -12 කෑලි විදිහට...මිනිස්සුන්ට බල්ලෙක් තරමටවත් සැලකුවේ නැහැ .. දැන්වත් තේරෙනවද පවුල් පිටින් ජීවත් වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ රුපියල් 10 -12 න් කියලා...
ලීසින් ගෙවන්නෙ නැතිව තෙල් පුච්චන්නෙ නැතිවත් පාඩුයි කියන්නෙ මාසෙම දිව්වනම් ලැබෙන ලාභ ය වෙන්නැති. ඔයාලට විතරක් නෙමේ හැමෝටම පාඩු වෙලා තියෙන්නෙ . මොනා කරන්න ද ?
පාඩු නෙමි ලාබ නැතුව ඇති බස් දිව්වේ නැති හින්ද.... නමුත් කිසිම අනුකම්පාවක් හිතෙන්නේ නැති එක ජාතියක් ඔය තව ජාතියක් ඉන්නවා පාරේම ඉන්න ජාතියක් කරන තරමක් කරන්නේ සව්ත්තු වැඩමයි. වැඩිය ඕන නැහැ අදත් පරණ විදියටමයි දිව්වේ.... හැමතැනින්ම රිංගන්න හදනවා නොදැක්ක වගේ පාරට දමනවා...
පුංචි දුප්පත් ජනයාගේ මුදල් එක පාර්ශවයකට යාම රජයේ ගමනාගමනය විනාස වීම මෙයින් දැකිය හැක, සිතිය හැක.
දිගටම දුවන්නේ නැතිව හිටියත් කමක් නෑ.