(ජේ.කේ.එල්.චාමින්ද)
තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හික්කඩුව පටුවත ප්‍රදේශයේ දී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙකී පෞද්ගලික බස්රථය තංගල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබි ඇත.
බස් රථයට ඉදිරියෙන් යතුරුපැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති බවත් යතුරුපැදියේ පිටුපස සිටි පුද්ගලයා ගලකින් බස් රථයේ ඉදිරිපස විදුරුවට පහරදී තිබේ.
ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුවට අලාභ හානි වී ඇත.
මෙකී පහරදිම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියට අදාළ බස් රථයේ රියදුරු විසින් පැමිණිලි කර ඇත.
මෙම ගල් ප්‍රහාර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd