මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති සමස්ථ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් බිලියන 8.3ක් පමණ වන බව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වි තිබේ.
නුදුරු අනාගතයේදී පෘථිවිය ප්ලාස්ටික් වලින් වැසී යනු ඇති බවත් එවිට පෘථිවිය ප්ලාස්ටික් ග්‍රහයා ලෙස හඳුන්වනු ඇති බවත් මෙම විද්‍යාඥයින් පිරිස අනතුරු අඟවා ඇත.මෙම සමීක්ෂණයේ දත්ත සයන්ස් ඇඩ්වාන්ස් සඟරාවේ ප්‍රකාශයට පළ කර තිබිණි.
පසුගිය වසර 65ක කාලය තුළ මෙතරම් විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් නිපදවා තිබීම ඇදහිය නොහැකි කරුණක් බවත් එම ප්‍රමාණය ඇතුන් බිලියනයක බරට සමාන බවත් එම විද්‍යාඥ කණ්ඩායම ප්‍රකාශ කර තිබිණි.දැනට නිපදවා ඇති ප්ලාස්ටික් වලින් 70%ක පමණ ප්‍රමාණයක් කසල ලෙස ජල ධාරාවන්හි රැඳී ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් බිම් පිරවුම් සඳහා යොදාගෙන ඇත.
එයින් ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ සියයට නවයක් පමණි. මෙහි ඇති භයානකම කරුණ නම් ඉතා කෙටි කාලයකට භාවිතයට ගන්නා ඇසුරුම් සඳහා ප්ලාස්ටික් විශාල වශයෙන් යොදා ගැනීමයි.ප්ලාස්ටික් අපද්‍රව්‍ය සම්බන්ධව විප්ලවීය වෙනසක් සිදුකිරීමට කාලය පැමිණ ඇතැයි මෙම විද්‍යඥයෝ අවධාරණය කරති.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පෘථිවිය ‘ප්ලාස්ටික් ග්‍රහයා‘ වෙයි?