(ටී.කේ.ජී.කපිල)
මිනුවන්ගොඩ , හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයකු සතුව පැවති " බ්‍රවුනින් " වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 3 ක් සමඟ , ඒවා ළඟ තබාගෙන සිටි එම ප්‍රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයකු කටුනායක පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.
වෙඩි තැබීමකින් මිය ගොස් සිටින ෆ්‍රෙඩී නැමති පාතාල කල්ලි නායකයකු සතුව මෙම ගිනි අවිය සහ උණ්ඩ තිබී ඇති බව කටුනායක පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මෙම ගිනිඅවිය සහ උණ්ඩ ළඟ තබාගෙන සිටි 32 හැවිරිදි මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි තවත් පාතාල කල්ලි සාමාජිකයකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී සිටියි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පාතාල කල්ලි සාමාජිකයා සමඟ ගිනිඅවිය සහ උණ්ඩ අද (4) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd