(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පාතාල සාමාජිකයන්යැයි කියන පස්දෙනකු ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (16) පැවසීය.
මෙම පාතාලයන් පස්දෙනා එම ඇමතිවරයා සමග සිටින ඡායාරූපද පාතාල මර්දන කටයුතුවල යෙදී සිටින විශේෂ පොලිස් කණ්ඩායම සතුව ඇති බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මේ පස්දෙනා අතර පොලිසියේ රාජකාරි කරද්දී පාතාලය සමග කිට්ටු සම්බන්ධයක් පැවැත්වීම නිසා වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයකුද සිටින බව පැවසේ.
ඇමතිවරයාගේ කාර්යාලයේ සේවයේ යෙදීසිටින බව කියන ප්‍රබල පාතාල නායකයකුයැයි කියන පුද්ගලයකු මෑතකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකදී වෙඩි කා මිය ගිය බවද පොලිසිය කියයි.
මේ අතර පාතාලයන් පස්දෙනකුගේ රැකවරණය ලබන බව කියන මෙම ඇමතිවරයා සිය බල ප්‍රදේශයේ පොලිසි මගින් හෙරොයින් හා කේරළ ගංජා සමග අත්අඩංගුවට ගන්නා ඇතැම් සැකකරුවන් මුදාගැනීමට දැඩි ලෙස බලපෑම් කරන බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
හෙරොයින් ග්‍රෑම් පහක් සහ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු සහ කේරළ ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදාහරින ලෙස මෙම ඇමතිවරයා මෑතකදී පොලිසියට දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇතැයිද කියයි.
COMMENTS
ඇමතිතුමාගේ නම දැම්මා නම් අදහස් එවන්න ලේසි වෙනවා.
මුලින්ම මේ ඇමතිවරයා අත් අඩංගුවට ගන්න අපරාධකාරයන්ට රැකවරණය දීමේ චෝදාවට, ඉන් පසු අපරාධකාරයෝ ටික පහසුවෙන් අත් අඩංගුවට ගත හැකියි.
මොවුන්ව නං එල්ලන එකක් නැහැ.
සත්‍යපාල - මේ ලංකාවේ නොවෙනා එකම දෙය එයයි.
මේකද යහපාලනය.? වෙනසක් නම් නැහැ. දෙගොල්ලොම එකයි.
ඔන්න ජනාධිපති තුමෝ ඔබතුමා එල්ලන්නට අත්සන් කරන ලිස්ට් එකේ ඉන්න පළවෙනියා.... හැකිනම් අත්සන ගසනු. ජාතියේ ප්‍රණාමය ඔබට. ජීවිත කාලය පුරාවට ජනාධිපති විය හැකි වාගේම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ප්‍රබල චරිතයක් වේවි.
ඔය තියෙන සාක්ෂි හොඳටම ඇති ඇමතිවත් ගෝල බාලයන්වත් සිපිරි ගෙදරට හෝ එල්ලුම් ගහට යවන්න. දුරකථන සංවාද හඬ පටත් තවත් සක්ක්ෂියක් වේවි. කරුණාකර පොලීසියෙන් මේ ගැන අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කරන්න. කලයුත්තේ එයයි.
ඔය එන්නේ එලියට තොරතුරු, එහෙනම් කැබිනට් එකෙත් පාතාලේ ඇමතියෙක්. ළඟදීම ඒවි පාතාල දෙපාර්තමේන්තුවත්.
මේ තමයි මහා ලොකුවට මාධ්‍ය සංධර්ශන තියලා කෑගල රටට සේවය කරනවා කියන උදවියගේ ඇතුල් පැත්ත. රටේ ජනතාව මේවා ගැන හිතලා, මේ වගේ අපතයන්ට ඡන්දෙ නොදී ඉන්න තාක් මේවා වෙනස්කරන්න බැහැ. අපේ මිනිස්සුත් ඡන්දෙ ලංවෙලා දෙන වරදාන වලට නිකම්ම රැවටෙනවා. අන්තිමට රටම විඳවනවා.
කවුරු රට පාලනය කලත් මේ වගේ පාතාලයන්ටවත් පාතාල ඇමතියන්ටවත් මොන හෙනයක් වත් නෑ. ලොක්කෝ උන්ට බයයි. අනික, උන්ගෙන් ලොක්කන්ගේ කැම්පේන් වලට සල්ලි ලැබෙනවා. ඉතින් සල්ලි උල්පත් හින්ද ගන්නේ මොනවටද?
මෙවැනි ප්‍රවෘත්ති වහාම අතිශයින්ම වැදගත්. මෙවැනි තොරතුරු සැඟව පැවතීම එකී ඇමතියන්ට උඩ ගෙඩි දීමක් වැනිය. මෙම පුවත සම්බන්ධව අවධානය යොමු කිරීමෙන් මග හැරීමට දැන් කිසිවෙකුටත් නොහැක.
පුලුවන්නම් දැන් වැඩ පෙන්නන්න ,මේ කියන්නේ ජනාධිපති, අගමැතිති නැත්නම් මුළු රටම කුඩුවලින් ගිලගනිවී. ඉස්සෙලම එල්ලුම්ගහට යවන්න ඕනේ මේ වගේ කට්ටිය. නැත්තම් ලංකාවට දෙයියන්ගෙම පිහිටයි......
රටක් හැදෙන්නේ කොහොමද මිනිස්සුත් වංක නම්. තමන්ගේ නමක් නැති නිසා දැන් දැන් "සත්‍යපාල", "සත්‍යපාල" කියන නම් වලින් එක එක්කෙනාට කඩේ යන "වංකපාලලා" වැහි වහැලා. තමන් අනුන්ගේ නමින් ලියමින් රට හදන්න, ලෝකය යහපත් කරන්න කියන්නේ කොහොමද? මුලින්ම තමන් මනුස්සයෙක් වෙන්න. තමන්ටම තමන් කතා කරලා අහන්න මම ඇයි බොරු කාරයෙක් වෙලා අනුන් හදන්න කයිවාරු ගහන්නේ කියල. අනුන්ගේ නමකට හැංගිලා ලබන සතුට කුමක්ද?
මොකාද මේ රට කන අම්බරුවා ? මුන්ට පඩි ගේවන්නේ අපේ සල්ලිවලින්නේ
අලුතින් පහත දැක්වෙන අමාත්‍යාංශ ඇතිකළ යුතුයි 1 ගණිකා කටයුතු අමාත්‍යාංශය 2.පාතාල කටයුතු අමාත්‍යාංශය 3. කුඩු සහ කසිප්පු අමාත්‍යාංශය 4. චන්ද ගුංඩු සහ ගොනාට ඇන්දවීම් අමාත්‍යාංශය 5. රට පාවාදීම් කටයුතු අමාත්‍යාංශය
මoගල සමරවිර නෙමෙයි හොඳේ
දේශපාලනය පාතාලයක් බවට පත්වීමෙන් ... මේ රට " නීතියක් , ජාතියක් , ජන්මයක් , නැති රටක් බවට පරිවර්තනයවෙමින් පවතිනවා . " .
නම නොකියන්නේ පුද්ගලික රහස්‍ය භාවය සුරකින්න කියලා තව ටිකකින් කියාවි. එහෙව් රටක් මේක .
මනෝ ඒ කියන අමාත්‍යාංශ වෙනම අවශ්‍ය නැහැ. බොහෝ අමාත්‍යාංශවල ඔය කියන කාර්යන් ඉටුවන අංශයන් අඩු වැඩි වශයෙන් පිහිටුවල තියෙනවා. ඒ අංශවලට මුදල් එහෙමත් හොදට ලැබෙනවා.
ඇත්තෙන්ම අපගේ දුප්පත් බදු මුදල් වලින් සුර සැප විදින " ඔය අම්බරුවාගේ නම දැනගැනීම" පුරවැසියන් හැටියට අපද බලල සිටිනවා. මොකද මේ අය සියලුම සැප සම්පත් " විදින්නේ ඔබේ, අපේ බදුමුදල් වලින් බැවිනි.
ගරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමනී, අනුරාධපුරයේ පියා ඝාතනය කළ සිද්ධියේ නිර්ලැජ්ජිතව ගැහැනු දරුවන්ගේ ඇඳුම් ගැලවූ සිද්ධි පවා රස කරමින් ප්‍රකාශ කළ ඔබතුමා මෙම ඇමතිවරයාගේ නම නිර්භීතව ප්‍රකාශ කර ඔබේ අපක්ෂපාතිත්වය රටට පෙන්වන මෙන් ඉල්ලා සිටිමි.
රටේ ඇමතිවරයකු පොලිසියට බලපෑම් කරමින් මැරයින් රකිනවානම්, එවැනි තැනැත්තෙක් ඇමතිවරයෙක් ලෙස තබා ගන්නා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එයට වගකිව යුතුයි. නමුත්, අද රටේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා තමන්ගේ පැවැත්ම ගැන පමණක් සිතන අය බැවින්, මැරයින් රකින ඇමතිවරයෙක් තනතුරෙන් පහ කරවී යයි සිතිය නොහැකියි.
කෙට්ටුම කෙට්ටු හෙනම හෙන උස කෙනෙක් කියලෛ ලන්කා සී නෙව්ස් වල තියෙන්නෙ.
පොලිසිය ඇමැතිවරයාගේ සහ පාතාලයන්ගේ නම් ප්‍රසිද්ධ නොකර හැංගිමුත්තන් කරන්නේ ඇයි? ඉස්සර කාලේ අළුත බැඳපු මනමාලි මනමාලයාගේ නම විස්තර කියන්න ලැජ්ජ වෙනවා වගේ ඇරඹෙන්නේ ඇයි? අඩිය හප්පන් පොඩි මිනිහට දාන පාට් කෝ? ඔය පොලිසියේ කොන්ද පණ තියෙන එක්කෙනෙක් හරි ඉන්නවනම්, ඔය ඇමතියගෙයි, පාතාලයන්ගෙයි නම් ප්‍රසිද්ධ කරල හිටං දාපියකෝ නඩු..
උපැස් යුවල මාරු කරගන්න බණ්ඩා ලඟට යන්න ඕනේ
ඔන්න ජනාධිපති තුමෝ වැඩ පෙන්නන්න වෙලාව...... මුන් සෙට් එකම එල්ලුවොත් අපේ ඡන්ද ඔබතුමාටයි....
මේ රටේ තුමාලා..තුමීලා පිස්සු කෙලින අය තමයි ඉන්නේ... කළයුත්තේ යුද හමුදාව මගින් රට පාලනය කිරීමයි.
ඒ අය අහිංසක අය වෙන්න ඇති. පව් අසරණ කමට ඇමතිතුමා ළඟට වෙලා පොඩි ජොබ් 1ක් කරගෙන ඇති.... ඔය අහිංසකයෝ ඔහොම හිටපුදෙන් .. ලංකාවේ නීතිය හරි වෙනස් ....
එල්ලන්නේ නෑ. ඕක බොරු කථාවක්. හිත හැදෙන කථා කියලා ජාතියකුත් තියෙනවනේ.
ඔය කියන ඇමති... අර ආමි කරයනේ...