(ඉන්දිකා රාමනායක)
ප‍්‍රබල පාතාල සාමාජිකයෙක් වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ අපරාධ කි‍්‍රයාකාරකම්වල නිරත ප‍්‍රධාන ගෝලයා වන ‘‘පෙතියාගොඩ සංඛ’’ නැමැත්තා බලන්ගොඩ, පින්නවල, ප‍්‍රදේශයේ තේ වත්තක වාඩියක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සමඟ ඔහුගේ බාප්පා සහ අපරාධ වලට සම්බන්ධ තවත් සැකකරුවෙක් වන තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජොනී නැමැත්තා ද සිටි බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේවල සිදු වු මිනිමරුම් හා කප්පම් ගැනීම් වලට සෘජුව සම්බන්ධ බව කියන පෙතියාගොඩ සංඛ නැමැති සැකකරු පින්නවල ප‍්‍රදේශයේ තේ වත්තක සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
මේ පාතාලයන්ව හිරේ දානවා කියන්නේ හරියට රජයේ වියදමින් අපරාධ සඳහා වන විශේෂ පුහුණු පාසලකට යවනවා වැනිය. එලියට එන්නේ තවත් සබඳතා ඇති කරගෙන සහ හිරේ ඉන්න පාතාලයට සම්බන්ධ නැති ටිකකුත් බඳවාගෙනය. මේ අය හිර කල යුත්තේ කයිට්ස් වැනි දුපත්වල එක්කෙනෙක්ට පමණක් සිටිය හැකි කාවවත් ඇස නොගැසෙන කුටි වලය.
අත්අඩංගුවට අරන් පාතාලේ මර්දනය කරන්න පුළුවන් නම් මේ වෙනකොට පාතාලය නැති වෙලා තියෙන්න එපැයි
ලංකාවේ පාතාල කල්ලි හිස ඔසවනවා කියල දැනෙන්නේ මට විතරද?
පාතාල කල්ලි හදන්නෙයි ආරක්ෂා කරන්නෙයි ඔක්කොම දේශපාලුවෝ හා සමහර පොලිස් නිලධාරී.
ඔය හැංගිලා හිටිය තේ වත්තේ වෙන ආයුධ ඇති. පෙන්නන්න එක්ක යන්න ඉක්මනටම.