(නිමන්ති රණසිංහ)
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ලාල් පි‍්‍රයන්ත පීරිස් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මිය නියෝග කළාය.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි ගියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතාද ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අධිකරණය මගින් ඉකුත් 13 වැනිදා නියෝගයක් නිකුත් කර තිබිණ.
ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක් වූ කොරතොට පිහිටි මෙම ඉඩමේ අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන ගොස් වංචාවක් සිදුකළැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ පරීක්ෂණයකට අදාළව මෙම සැකකරුවන් අධිකරණයටඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම නඩු විතරයි. අලාභය, පොළියයි දෙකම අයකරගත යුතුයි.
රියදුරා මෙහෙම කරලා නම් රියදුරාගේ හාම්පුතා කොහොම කරල ඇතිද?