IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පුත්තලම කුණු බක්කිය වෙයි

(විනීතා එම්. ගමගේ)

පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත කසල අංගනය මෙතෙක් කසල බැහැර කළ ස්ථානවල⁣ට සාපේක්ෂව සුදුසු මට්ටමක පවතින බව පරිසර සංවිධාන පවසයි .

එම කසල අංගනය ඇරඹීමට නියමිත ස්ථානය  පරිසර සංවිධාන ප්‍රධානින්  පිරිසක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන්පසු මෙසේ පැවසීය.

කෙසේ වෙතත් එම ස්ථානයේ කසල තැන්පත් කිරීමට පෙර එහි පතුලට ඝන වැස්මක් යෙදිය යුතු බව ද පරිසර සංවිධාන පෙන්වා දෙයි.

එම ස්ථානය පරික්ෂාවට ගිය පරිසර සංවිධාන ප්‍රධානින් අතරින් එක් අයෙකු වන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විකානගේ මහතා ප්‍රකාශ කළේ හුණුගල් ඉවත් කරගත් විශාල ප්‍රමාණයේ වලක් මෙම කසල අංගනය සඳහා යොදාගෙන ඇති බව නිරීක්ෂණය කළ බවය.

එහි පතුලට ඝන වැස්මක් නොයෙදුව හොත්  තබ්බොව ජලාශයට හිමි භූගත ජල ගබඩාව විනාශ වි යාමේ ඉඩකඩක් ඇතැයි හෙතෙම පැවසීය.

තම සංවිධානවලට එම ස්ථානය පරික්ෂාව සඳහා අවස්ථාව සැලසීම පිළිබඳව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතාට ස්තුතිවන්ත වන බවත් තම නිරික්ෂණ හා නිගමන අමාත්‍යවරයා වෙත දන්වා යැවු බවත් විතානගේ මහතා තවදුරටත් කීය.



අදහස් (7)

පුත්තලම කුණු බක්කිය වෙයි

Lanka Perera Saturday, 29 July 2017 08:01 AM

ඒ වුණාට අපේ විරෝධතා පක්ෂ වලට තව ඡන්ද ටිකක් හොයාගන්න හොඳ අවස්ථාවක් මේක....

:       13       31

Perakum Saturday, 29 July 2017 09:23 AM

වෙන රටවල නැති ගැටළුවක් අපි මවාගෙන. හැම ගෙදරකටම කොම්පෝස්ට් බින් එකක් නොමිලේ දීලා තියෙනවා. දිරන කුණු ගෙන යාම නවත්තන්න. පොලිතීන්, ප්ලාස්ටික් වගේ නොදිරන කුණු පමණක් ගෙන යන්න. ප්‍රශ්නය ඉබේම විසඳේවි...

:       9       173

nuwanSaturday, 29 July 2017 11:37 AM

සමහර ගෙවල් වලට කුණු බින් තියන්න ඉඩ නැති එක තමයි ප්‍රශ්නේ උ.දා: කොළබ

:       0       6

Thilina Saturday, 29 July 2017 10:34 AM

මේ ව්‍යාපෘතිය මේ තරම් පරක්කු වෙන්න හේතුවක් වුනේ මේකේ මහා මොලකරු ගෝඨාභය මහත්තයා නිසයි.. පරක්කු වෙලා හරි පටන් ගත්තු එක රටට හොඳ දෙයක්..

:       18       76

jayatissa Saturday, 29 July 2017 02:10 PM

මේ මාතෘකාවෙන් මිනිසුන් කුපිතවෙනවා නේද?

:       0       6

Ranjith Silva Saturday, 29 July 2017 02:55 PM

මේ පුවතට දාල තියෙන නම සාධාරණ නොවේ. මෙතෙක් කල් මීතොටමුල්ල කුණු ගොඩක් ලෙස තිබීම ගැන කිසිම දුකක් නැති වුණාට පුත්තලමට නම් දුක හිතිලා.

:       0       1

arunalu Monday, 31 July 2017 07:56 AM

ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ විද්‍යාත්මක ක්‍රමවේදය, චම්පික ඇමතිතුමාගෙන් අනිත් ඇමතිවරුන්ටත් ආදර්ශයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site