(නිමන්ති රණසිංහ)
වැලිකඩ ප්‍රදේශයේ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු අනාවරණය කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, දිලුම් අමාත්‍යවරයාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා වන සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේ මහතා යන අයවලුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දේශපාලන පක්ෂය පසෙකටලා කතා කරන්න බලමු. පසුගිය යහපාලනය ආන්ඩුවේ දූෂිතකමින් අග තැන්පත් දේශපාලකයින් කීප දෙනෙකු සිටි බව හැමෝම දන්නවා. නමුත් මෙයින් දෙදෙනකු පමණක් තමාට අහවල් උපාධිය තියෙනවා යයි පුරසාරම් දොඩවමින් පාතාලයේ ක්‍රියාකාරකම් වලටත් වඩා භීෂණකාරී ලෙස දූෂණ වංචා සිදු කළා. මොවුන් දෙදෙනා තව දුරටත් සමාජය තුළ නිදැල්ලේ සිටින්නට ඉඩ හැරියොත් ප්‍රභාකරන්ලා දෙදෙනෙකු එකවර පහල වුණා වැනිවේ. මොවුන් දෙදෙනාම යහපත් සමාජය තුළ නිදැල්ලේ සිටින්නට ඉඩ නොතැබිය යුතුව ඇත. ජීවිත කාලය තුරාම සිරගෙවල්වලට සිටීම හැර ඊට වඩා සුදුසු දඬුවමක් මොවුන්ට නොලැබිය යුතුයි...
මේක පුදුම රටක්... රථවාහන අනතුරක් ගැන පාඨලී පස්සෙන්ම එළවනවා. හැප්පුණු කෙනා මැරිලත් නැහැ. ඒත් හමුදාවේ 3000ක් මැරුවා කියලා තමන්ම ප්‍රකාශ කරන කරුණා අම්මාන් අදත් නිදැල්ලේ.. හැමදේටම ආණ්ඩුවට කඩේයන හාමුදුරුවරුත් නිහඬයි. කාඩිනල් ගැන හරීන් කිව්ව කතාවට ලොකුවට ප්‍රචාරය දීලා ඒ හාමුදුරුවරු, මාධ්‍ය ප්‍රශ්න උලුප්පනවා. හැබැයි කරුණාට විරුද්ධවයි ඉන්නේ...
මෙම සිද්ධිය වූ කාලයේ ප්‍රචාරය වූවේ මෝටර් සයිකලය පිටුපසින් පැමිණ ඇමතිවරයාගේ වාහනයේ හැපුනු බවකි. පසුගියදා සීසී 1000ට වැඩි මෝටර් සයිකල් ලියාපදිංචියටත් අවසර දීමට අනුමැතිය දීල තිබුණා පාඨලීට මෙහෙම කරන අය නිවිතිගල ප්‍රදේශයේ චීවරධාරියෙක් බලපත්‍ර නොමැතිව වාහනයක් පදවා පාර අයිනේ සිටි සිසුවෙක් මරා දැම්මා. ටික දිනකට පෙර පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙක් හප්පා මරා දැම්මේ කොළඹ බාන්ස් පෙදෙසේ පදිංචි වත්මන් රජයට ඉහළ සම්බන්ධතා ඇති අයෙක් මේවා ගැන මෙතරම් ප්‍රචාරයක් හෝ ඒවා එතරම් වරදවල් ලෙසට නොදකින්නේ ඇයිද? නොතේරෙන්නේ මටම විතරද? නොදන්නා කමටයි මේ අදහස් පලකලේ...
අප කිසිඳු දේශපාලන පක්ෂයකට කඩේ නොයන අය.. ඒත්, අපට පාඨලීට හෝ ඔහුගේ විරුද්ධ කරුවන්ට ලැබෙන හෝ නොලැබෙන ඡන්ද ගැන තැකීමක් නැහැ. අපට අවශ්‍ය රටේ අයට සත්‍ය කරුණු පෙන්වීම. පාඨලීගේ රිය අනතුර හිටපු කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන්ගේ මිනීමැරුම් 2000ට, 3000ට වඩා ඉහළ ගිය අපූරුව... නීතිය සැමට එකසේ සාධාරණ විය යුතුයි.. ඒත් නීතිය...
සුමානෙට එක රාජපක්ෂ කෙනෙක් දාන්න නේද හැදුවේ? ඔන්න අපි ගානට වැඩේ සෙට්කෙරුවා. දැන් කාලා වරෙන්කෝ...
ඒ දරුවාට කළ අපරාධයට වැරැදි කළවුන්ට හා එයට උදව්කළ නිලධාරීන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. සීසීටීවී මැකිලා. මේවා සැකකළ යුතු තැන්. ඒ වග අපේ තරුණ ළමයි පාරෙ බයික් එකේ යනකොට කාටවත් කරදරයක් නොවන ආකාරයට නීති කඩ කරන්නේ නැතිව යන්න ඕනෙ..
පාඨලීගේ රිය අනතුර හිටපු කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන්ගේ මිනීමැරුම් 2000ට, 3000ට වඩා ඉහළ ගිය අපූරුව..