IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පිටකොටුවේ රථ ගාල්වලින් කප්පම් ගත් 5ක් පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක)

පිටකොටුව, මැණින් වෙළෙපොළ,  බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ඇතුලු ස්ථාන වල කොළඹ නගර සභාවට අයත්  රථගාල් රාත්‍රී කාලයේ අත්පත් කරගෙන එම රථගාල් වල වාහන නවත්වන වෙළෙදුන් ඇතුලු  පුද්ගලයින්ගෙන්  කප්පම් ලබා ගන්නා කල්ලියක පස් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් මොවුන්ව තැරැව්කරුවන් ලෙස යොදා  මෙම ක්‍රියාව සිදුකරන බවත්  රාත්‍රීයකට රථ ගාලකින් රුපියල් ලක්ෂයක අධික මුදලක් උපයන බවත් එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරුක් මත බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකර තිබිණි.

පිටකොටුව මැණින් වෙළෙද පොළට, කැලෑ වෙළෙඳ පොලට රාත්‍රී කාලයේ පිට පළාත් වලින්  එළවළු , පලතුරු ඇතුලු භාණ්ඩ රැගෙන එන වෙළෙදුන් රථ  ගාල් කරන්නේ ඉහත  රථගාල් වල බවත් එම වෙළෙදුන්ගෙන් වැඩි වශයෙන් කප්පම් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.

සැකකරුවන්ගේ තර්ජන වලට භියෙන්  මෙම වෙළෙදුන් සැකකරුවන් ඉල්ලන ප්‍රමාණයෙන් මුදල් ලබා දෙන බවද පොලිසිය සඳහන් කරයි.

රථගාල්වලින් මුදල් එක් රැස් කරන පිරිස  නිරීක්ෂණ කිරීම සඳහා  තැරැව්කරුවන් අදුරු ප්‍රදේශ වල රැදී සිටින බවත් එක් රැස් වන මුදල් වරින් වර සැකකරුවන්  තැරැව්කරුවන් වෙත බාර දෙන බවත් පොලිසිය කියයි.

වෙළෙදුන් සුරා කන මෙවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිගින් දිගටම  මෙහෙයුම් කරන බවද  පොලිසිය  සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජනක් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ,  සහකාර පොලිස් අධිකාරිවරුන් වන නෙවිල් සිල්වා,  කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  එරංග ප්‍රනාන්දු  මහතාගේ  උපදෙස් මත,  සංවිධානාත්මත  අපරාධප විමර්ශන  ඒකකයේ  ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරීක්ෂක  සුනිමල්  සුසන්ත, පොලිස් සැරයන්වරුන් වරුන් වන (3856) ප්‍රියන්ත, වික්‍රමනායක (84333), කොස්තාපල්වරුන් වන   කුමාර (90242),   ලසන්ත (88139),    චතුරංග (91691),   රාජකරුණා (91791) යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.

සැකකරුවන් හෙට (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (3)

පිටකොටුවේ රථ ගාල්වලින් කප්පම් ගත් 5ක් පොලිස් දැලේ

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 06:32 PM

පුදනෙමු පොලීසියට මල් මිටක් !!!... ඕනෑ හෙට අපට හොඳ රටක් ...

:       0       33

ranaFriday, 26 June 2020 08:04 AM

කප්පම් ගත්තු රණවීර... උඩ සිට පහළට දඬුවම් නියම කළහොත් රට හදාගන්න පුළුවන්.. නැත්නම් කොට උඩ, දැන් කරන්නේ කොටියා වලිගයෙන් ඇල්ලීමනේ?

:       0       1

Sam Friday, 26 June 2020 12:39 AM

වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 665 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site