IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බොටම් ට්‍රෝලර් තහනම්

(හර්ෂණ තුෂාර සිල්වා)
 
පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සඳහා බොටම් ට්‍රෝලින් මත්ස්‍ය පන්න ක්‍රමය සහිත යාත්‍රා ලියාපදිංචිය තහනම් කිරීමට ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත. 
 
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් දෙරට අතර පැවැති අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව ඉන්දීය රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රධාන පියවර පහක් ගෙන ඇතැයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
බොටම් ට්‍රෝලින් මත්ස්‍ය පන්න ක්‍රමය අධෛර්යමත් කරමින් තිරසර මත්ස්‍ය පන්න ක්‍රම හඳුන්වා දීම සඳහා ඉන්දීය රජය සහ තමිල් නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය රුපියල් කෝටි 386ක් වෙන් කර ඇතැයි ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
ට්‍රෝලින් ක්‍රමය යොදාගෙන පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ධීවර කටයුතු කිරීම වෙනුවට ගැඹුරු මුහුදේ ධීවර කටයුතු හඳුන්වාදීම, ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් සම්පාදනය කිරීම, සන්නිවේදන සහ හසුකර ගැනීමේ (ට්‍රැකින්) උපකරණ ලබා දීම, පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ විකල්ප ජීවනෝපාය ක්‍රම හඳුන්වා දීම යනාදිය එලෙස ගෙන ඇති පියවර වේ. 
ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර සහ ප්‍රගතිය මෙන්ම ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙරට අමාත්‍ය මණ්ඩල හා නිලධාරී මට්ටමේ සාකච්ඡා ඉදිරි මාස කිහිපය ඇතුළත පැවැත්වෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.  



අදහස් (1)

පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව බොටම් ට්‍රෝලර් තහනම්

ටෙනුලි නිසලනා Thursday, 16 November 2023 06:43 PM

මෙය අපගේ භූගෝල විද්‍යා විෂයට අත්‍යාවශ්‍ය වෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික්
2024 ජුනි මස 19 125 0

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක
2024 ජුනි මස 19 53 0

දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ .


බටහිර රටවල් කනස්සල්ලෙන්
2024 ජුනි මස 19 426 0

යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙර


ණය දුන් රටවල් සමග ගිවිසුමක්
2024 ජුනි මස 19 348 2

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පසු අස්වනු හානිය සියයට 25කින් පහලට
2024 ජුනි මස 19 109 0

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


මුද්දරයක අවම මිල 100 වෙයි
2024 ජුනි මස 19 1012 3

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site