IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පකිස්තාන් හිටපු ජනපතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඞී.ටීවී)    

                                
පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කර ඇත.

2007 වසරේ, මුෂාරෆ් ජනපති ධුරය හොබවද්දී, හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීමත් තවත් අධිකරණ විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමටත් පියවර ගත්තේය.

මෙම සිද්ධිය මුල්කොට ගනිමින් 74 හැවිරිදි හිටපු අගමැති මුෂාරෆ්ට රාජ්‍යද්‍රෝහී චෝදනා එල්ල වී තිබේ. 

එම චෝදනා සම්බන්ධයෙන්, විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි. මුෂාරෆ්ගේ ගුවන් බලපත‍්‍රය සහ ජාතික හැඳුනුම්පත අවලංගු කිරීමට අණ කළේ එම අධිකරණයයි.

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් පර්වේස් මුෂාරෆ් 1999 වසරේ සිට 2008 තෙක් පාකිස්තානයේ ජනපති ධුරය හෙබවීය. පාකිස්තානයේ තවත් අගමැතිවරියක වන බෙනාසීර් බූතෝ ඝාතන සිද්ධිය පසුපස ද මුෂාරෆ් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

 050



අදහස් (3)

පකිස්තාන් හිටපු ජනපතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්

Sanath Friday, 08 June 2018 08:18 PM

මුෂාරෆ්ට ඔලුව උස්සන දෙන්නෙම නැහැ.

:       0       36

Sunil Saturday, 09 June 2018 09:19 AM

ඒවා වෙන්නේ පාකිස්ථානයේ !!!

:       0       10

Bamunuarachchi Sunday, 10 June 2018 12:50 AM

2005 දී අපිත් නොකරපු එකේ පල විපාක තමයි මේ විඳවන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site