එච් චන්දන සහ රෝවන් පෙරේරා
එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අප්‍රේල් හතර වැනි දා පැවැත්වෙන විශ්වාස භංගයට පක්ෂව පක්ෂයේ මංත්‍රිවරුන් 27 දෙනකු ඡන්දය භාවිතා කිරීමට හෝ නෑවිත් සිටීමට කටයුතු කරන බවත් රාජ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නාකයයකු මීට පෙර මෙලෙස අපකීර්තියට පත්වී නැතැයි ද රංගේ බණ්ඩාර මහතා කීවේය.
පළාත් පාලන ආයතන සඳහන් තේරී පත් වූ ආණමඩුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා ඒ බව කීවේය.
‘වඩාත් වැදගත් වන්නේ පක්ෂය දෝෂාභියෝගයට පෙර ප්‍රතිසංවිධානය කරන එකයි. එසේ නොවුන හොත් නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. අපි මේවා කරන කොට මීට පෙර වාගේ මාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි. කෘත්‍ය අධිකාරී මණ්ඩලයෙන් අයින් කරයි. ඇමතිකමින් අයින් කරයි. මේවා මට අත් හරින් බැරි කමක් නැහැ. මොනවා කළත් 2020 වනකම් නඩු කියලා හරි මගේ මංත්‍රි ධූරය තියාගෙන ජනතාවට වැඩ කරනවා.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුමයි. පක්ෂ නායකත්වය සිංහල බෞද්ධයෙක් අවශ්‍යයයි නැත්නම් මේ ගමන යන්න බෑ . මම එදා ඉදලා කියන්නේ පක්ෂය වෙනුවෙන් බැට කාපු ජීවිත වලින් වන්දි ගෙවපු දේපල නැති කරගත් උදවියට යමක් කරන්න කියලා. බලය නැතිව ඉන්නකොට නම් හා කියනවා ලංකාදීප මුල් පිටුව මම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ මම ගිහින් පෙන්නුවා එදා නායක තුමා කිව්දේ ඇයි අද ඉටු කරන්නේ නැත්තේ කියලා .
පොලිස් පති ඇගයීම් සම්මාන 13 අරන් තියෙනවා.. පොලිසියේ ඉන්නකොටත් අසාධාරණය වෙනුවෙන් කතා කළා. පොලිස් පතිට එරෙහිවත් මම නඩු කිව්වා යලිත් වීරඹුගෙදර ස්ථානාධිපති වුණා.... පොලිසියේ අයගේ දේශපාලන පළිගැනීම් අසාරධාරණකම් පිළබදව හිටපු පොලිස් කාරයෙක් හැටියට මට කථා කරන්න අයිතියක් තියෙනවා.නමුත් ඒවාට අවස්ථාවක් නෑ .
පක්ෂයේ ඉහළ නායකත්වය අපව නොසලකා හැරියට අපි පාක්ෂිකයව අත හරින්නේ නැහැ. විශ්වාස භංග යෝජනාවට අගමැතිවරයට විස්වාසය පළකරමින් ලියවිල්ලක් අත්සන් කළා. මට එන්න කිව්වා. මම ගියෙත් නැහැ, අත්සන් කළෙත් නැහැ . අත්සන් කරන්නෙත් නැහැ. මගේ මිනිස්සු ගැන බැලුවේ නැති අගමැතිවරයා ගැන මට විශ්වාසයක් නැහැ.
මේ රජය පත් කරන්න අපි මහන්සි වුණා. එක ඇමතිවරයෙක් හත් අට දාහක් රැකියා පත්වීම් දෙනකොට අපට රැකියා හත්සියයක්වත් දෙන්න පුලුවන් වෙන්න ඕනෑ. එහෙමත් නැතිනම් අපි මෙතන ඉඳලා වැඩක් නැහැ. අප ජීවත් වෙන්න කරන එකක් නෙවෙයි දේශපාලනය. ජනතාවට වැඩක් කරලා ඒ අය සතුටු වෙනකොට අපටත් සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනෑ.
වාමාංශික බලකොටුවක් වූ ආණමඩුවට මෙහෙම වැඩ කරලා හරියන්නේ නැහැ. ඒවා කරන්න රංගේබංඩාරට නායකත්වයේ සහයෝගය නැති නම් වැඩක් නැහැ කියලා තමයි ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නේ. නමුත් භාර ගත්තේ නැහැ. අපඅයින් කරනවා නම් විනය පරික්ෂණ අවශ්‍ය නැහැ . මම දුන්න ලිපිය ක්‍රියාත්මක කරන එක විතරයි තිබෙන්නේ. අද දිවුරුම් දුන්න මංත්‍රිවරුන්ට කියන්නේ නායකත්වය අප නොසලකා හැරියට ඔබට ඡන්දය දුන්න අයව අතහරින්න එපා. ඒ අයට උදවු කරන්න කියලයි.‘‘ යැයි රංගේ බණ්ඩාර මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට ප්‍රධාන හේතුව මෛත්‍රිගේ නෝන්ජල්කමයි, රනිල්ගේ කපටිකමයි විතරයි. සරත් ෆොන්සේකාට අඩු ගණනේ නීතිය හා සාමය ඇමතිකම දුන්නානම් මේවාට යම්තරමින් හරි විසඳුමක් ලැබෙන්න ඉඩ තිබුණා. රනිලුයි, මහින්දයි කරන වැඩ නිසා රටම ආරාජික වෙලා.
රංගේ බණ්ඩාර මහතාණෙනි, මේ ක්‍රමය සම්පුර්ණයෙන්ම වැරදි බවයි මට පෙනෙන්නේ. ඇමති වරුන්, මන්ත්‍රීවරුන් මිනිස්සුන්ට රැකියා දීම වහාම නතර කළ යුතුයි. දේශපාලනයෙන් තොරව මේවා නොකරන නිසා තමයි අපි ජාතියක් හැටියට දියුණු වෙන්නේ නැත්තේ. තමුන්නාන්සේලා දේශපාලනය කරන්න. රජයේ ආයතනවලට සම්මුඛ පරීක්ෂණ වලින් රැකියා දීම ඒ ඒ ආයතන වලට භාර දෙන්න. ඒ අය ඒ කටයුත්ත නියමාකාරයට කරන්නේ නැතිනම් ඒ ප්‍රධානීන් ඒ තනතුරුවලින් ඉවතට දමන්න. ඔබලාගේ රාජකාරිය එ්කයි. නැතුව තමන්ගේ පක්ෂවලට වැඩ කරපු අයට රැකියා දීම නොවෙයි දේශපාලනය කියන්නේ. මේ ක්‍රමය එක්තරා විදියක අල්ලස් දීමක්.
එක්සත් ජාතික පක්ෂයේ නාකයයකු මීට පෙර මෙලෙස අපකීර්තියට පත්වී නැතැයි රංගේ බණ්ඩාර මහතා කීවේය. නායකයා අපකීර්තියට පත්කරන්නේ ඔබලම තමඊ, වෙනකව්රුවත් නොවනබව අමතක කරන්නෙපා. මේ ඉන්න නායකයා හොඳ නැත්නම් උගත් බුද්දිමත් ඉවසීම තිබෙන ( ඔබලාගේ දුක් අදොනවලදී හරහුම් වලදී ඉවසන) 21 වන සතවර්සයට ගැලපෙන උගත්කමක් තිබෙන, උගතුන්ට ගරුකරන, අලුත් අදහස්වට ගරුකරන හොඳ ආර්ථික දැක්මක් ඇති, හොරසහතික නොවන genuine දේශිය හෝ විදේශිය අද්‍යාපන සහතික ඕනෑම අවස්ථාවක ප්‍රසිදියට පත්කලහැකි කෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවනනම් ඔය හන්දි ගනේ කෛවාරු නොගසා ඔබල හිතාගන ඉන්න කෙනාගේ නම ඉදිරිපත් කරන්න. අපිත් නියම හෙල්ප් එකක් දෙන්නම්. කව්රු කොහොම කිව්වත් හොඳ අද්යාපනයක් තිබෙන කෙනෙක් වීම අනිවාර්යයි.
4වෙනිද වෙන්න තව සතියයි තිබෙන්නේ .සතියක් ඇතුලත නිවැරදි සන්සෝදනයක් කරන්න පුලුවන්ද විසාල පක්ෂයක.පලිගැනීමට ලක්වුවන් 33000ක් සිටිනව කියා මා පුවත්පත්වලින් දුටුවා.නමුත් බලය තිබෙන ඔබ පමණක් තනතුරු හා උසස් වීම් හිඟ මුදල් වන්දි ලබාගත්තේ පාක්ෂිකයන්ට තිබෙන ආදරයට වෙන්නැති කියා පලිගනමට ලක්වූ හිටපු පොලිස් නිලධාරී මහතෙක් පලිගැනීමට ලක්වූ ප්‍රස්නකරනවා.ඒ මහතා නිතරම මට මුණ ගැසෙනවා.
Well said. Pl March forward.
රංග බණ්ඩාර මහතාගේ තීරණයට මමත් එකයි එයාගේ තීරණය හරි , ඕක තමයි කල යුත්තේ ..
අනිත් අය පක්ෂ පාට නොබලා රටට වැඩ කරනවා කියන පොරොන්දුව කඩ කරලා දුෂිතයන් සමග පක්ෂ බේරගන්න ගිහින් මුළු රටම අගාදයට දාද්දි ,ඔබලා පුද්ගලිග වාසි තකා අනික් පැත්තෙන් රට විනාස කරනවා . ඔබලාට ඕන දේ මහජනයා දන්නවා. මොකද මේ රටේ හරියට කළු සල්ලි හන්ගලයි තියෙන්නේ . ඔබලා තමයි නියම දේශපාලකයෝ . බොරදියේ මාළු බානවා. නියමයි .
"මේවා මට අත් හරින්න බැරි කමක් නැහැ. මොනවා කළත් 2020 වනකම් නඩු කියලා හරි මගේ මංත්‍රි ධූරය තියාගෙන ජනතාවට වැඩ කරනවා." ඇයි මහත්තයෝ මේහෙම කතා ? එදා ඔබට මේ තැන දුන්නේ කව්ද ?
නායකයා ඉවත් වෙන්න උවමනාවක් නැහැ අැමතිකමක් ලැබුනානම්, යථාර්ථය ට මුහුණ දෙමු.
ඔය මොන බම්බු කතාවක්ද රටේ ඉදිරිය ගැන කිසිම දැක්මක් නැති පක්ෂයක් ප්‍රතිසංවිධානය කර ඇති ප්‍රත්පලය මොකක්ද. පක්ෂය තුල එහාට මෙහාට වෙන්නේ ඒ ඉදිරිය ගැන කිසිම දැක්මක් නැති මිනිස්සුම නේද ? විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන පක්ෂයකට ඇති රටේ ඉදිරිය ගැන ඇති දැකීම මොකක්ද?
මෙයා ඉතින් හැමදාම ඔය වගේ වැඩනේ කලේ? ඔය කියන කවුරුවත් තමන්ගේ වරප්‍රසාද අයින් කරගෙන සටන් කරන්නේ නෑ, සටන් කරන්නේ පැවත්මටම විතරයි.