(තරිඳු ජයවර්ධන සහ එෆ් අස්ලම්)
රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරියකු ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලෙසට ලබා දුන්නේයැයි කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අබේසිංහ බණ්ඩා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග කියයි.
කිසිම මූලික විමර්ශනයක් නැතිව ඔහු එම තනතුරෙන් ඉවත් කර දැනට ඔහු නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු තනතුරට පත් කර ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
මූලික පරීක්ෂණයක් නැතිව දේශපාලනඥයන්ගේ කීමට තමා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් එම ලේකම්වරයා ආණ්ඩුකාරවරයා දැනුම්වත් කර ඇතැයි ද, මාරුව අවලංගු නොකළහොත් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට එම නිලධාරියා කටයුතු කරමින් යන්නේයැයි ද පළාත් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස පත් කරන්නැයි දේශපාලනඥයකු විසින් බලපෑම් කරන ලදැයි කියන පුද්ගලයා ක්‍රීඩා සම්මේලනයක තනතුරක් හොබවන සමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා දී ඇති පුද්ගලයකු බව ද ආරංචි මාර්ග පවසයි. ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ තනතුර රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරක් බව කළමනාකරණ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බවත්, කෙසේ වෙතත් මෙම තනතුරට මීට පෙර ද රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරීන් පත් කර ඇති නිසා මොහුද ඒ ආකාරයටම පත් කරන ලෙසත් ලේකම්වරයාට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නීතියට පිටින් එම තනතුරට පුද්ගලයකු පත් කළ නොහැකි බව ලේකම්වරයා දැනුම් දීමෙන් පසු මෙම තනතුරින් ඔහු ස්ථාන මාරු කළ බව උසස් නිලධාරියෙක් කීවේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සාලිය සුමේධ මහතා පැවසුවේ තමා පැවරූ රාජකාරි කිහිපයක්ම ලේකම්වරයා හරියට ඉටු නොකිරීම නිසා ඔහු ස්ථාන මාරු කළ බවයි. ඒ මහතා මෙසේ ද කිවේය.
‘‘අවුරුදු දෙක හමාරක් තිස්සේ ප්‍රතිපත්තිමය කාරනා ටිකක් ක්‍රියාත්මක කරන්න ඔහුට පවරා තිබ්බා. පළාත් සභාවේ වැඩිම විෂයන් තිබෙන අමාත්‍යංශය මෙයයි. ක්‍රීඩා හා මාර්ගස්ථ මගී ප්‍රවාහන ප්‍රඥප්තියක් දැනට තිබෙනවා. කර්මාන්ත සංවර්ධන අධිකරී ප්‍රඥපතිය ඇතුළු ප්‍රඥප්ති කිහිපයක් සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ලේකම්වරයාට දැනුම් දී තිබුණා. ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය සිද්ධියත් ගැටලුවක් තමයි. හැබැයි එය ස්ථාන මාරුවට හේතුවක් නෙමෙයි. මේ ගැටලු ගැන සාකච්ඡා කරද්දි ඔහු කිව්වා නියෝජ්‍ය ලේකම් පිරිස් හා පුහුණු තනතුරට ඔහු වඩාත් කැමතියි කියලා. ඒ වෙලාවත් මම කිව්වේ එහෙම නෙමෙයි අපි මේ මාස කීපයේ මේ වැඩ ටික කරලා ඉවර කරමු කියලා. ඒ එක්කම නිර්ණාමික පෙත්සමක් ගිහින් තිබුණා.
ඒ පෙත්සම ගහපු අය කියලා සැක කරය අයගේ ලියැවිලිවලට හිතට එකඟව අත්සන් කරන්නත් නොහැකි බව කියනවා. දිගින් දිගටම වැඩ සිද්ධ වුණේ නැති නිසා ඔහු කැමැති ස්ථානයට යන්න කියලා මම යෝජනා කළා. යන්නම් කියලා පසුව යන්න බෑ කියලා හිටියා. මම මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරයාටත්, ආණ්ඩුකාරවරයාටත් දැනුම් දුන්නා. ක්‍රීඩා අධ්‍යක්ෂ පත් කරන එකේ ගැටලුව තියෙන්නේ කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙය පරිපාලන තනතුරක් ලෙස අනුමත කරලා තියෙන්නේ. අපේ ප්‍රඥප්තියේ තියෙන්නේ මේක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුට දෙන්නයි.‘‘ යැයි ද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා තවත් දේශපාලකයෙක් බුරනවා. සියලුම අවංක නිලදරුවනි !! කාලකන්නි, නීතියට පිටින් කියනදේවල් කරන්න යන්න එපා. දාන්න මොවුන්ට මූලික අයිතිවාසිකම් නඩු පිට නඩු. අට පාස් නැහැ. හැබැයි ඇමති, කොහෙන් හරි පටන්ගන්න. නැතිනම් අනාගත පරපුරට ඉතිරිවෙන දෙයක් නැත.
ඔන්න කෙරුවාව... පාදඩ දේශපාලකයන්ගේ නියෝග පිළිපැද්දොත් සිල්රෙදි බෙදූ නිලධාරීන්ට මෙන් අනිකා බලයට පත්වුණාම දඬුවම් විඳින්න වෙනවා. නියෝග පිළිනොපැද්දොත් මේ කාලකන්නිම එ්ත් දඬුවම් කරනවා. සිල් රෙදි බෙදුවෙත් රජයේ නිලධාරීන්. එමනිසා එම නිල්දාරීන්ට ඇඟිල්ල දික්කළ ගොබ්බ්යින්ට මේ ටික තේරුම් ගන්න මොලේ පෑදේවා..!
රජයේ නිලධාරීන්ගේ රාජකාරී පැහැර හැරීම් සම්බන්ධව ක්‍රියා කළහැක්කේ රජයේම උසස් නිලධාරීන්ටම මිස අවුරුදු 5කට පත්වන දේශපාලක හාල්පාරුවන්ට නොවෙයි නේද? මේ වගේ බලු තත්වයට සුද්දා අපිට හඳුන්වාදුන් ඉස්තරම්ම, අගනා පරිපාලන ක්ෂේත්‍රය බාල්දුකලේ මොන සුනඛ පුත්‍රයාද?
ඌවට මේ දවස්වල කැකිරි...
රේගුව වගේ ඉස්සරහට ඇවිල්ලා පරිපාලන සේවයට වෙලා තිබෙන මේ තත්වයට එරෙහිව සටන් කරන්න.
මොලේ නැති, පරිපාලනය නොදන්නා, තමන්ට හැමදේම කරන්න පුළුවන් කියලා හිතන පුහු පුද්ගලයන් දේශපාලනයට යැව්වම ඔහොම තමයි. ඡන්ද දායකයන් එයාලට අවශ්‍ය දේ කරගෙන තිබෙනවා...