IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නව වෙළෙඳ ප්‍රතිපත්තිය ලේඛනය ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කරන්නැයි කතානායකට ලිපියක්

(විනීතා එම් ගමගේ)


පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර  ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද්ගලයින් පිළිබඳව  පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුවත් කර  නොමැති බැවින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගන්නැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී. 


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් එම ලේඛනය සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. 


ලෝකයේ ඉතා ප‍්‍රසිද්ධ මතවාදයක් අනුව  ඕනෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අන්තර්ගතයට වඩා ඒ කරා ළඟාවීම සඳහා යොදා ගන්නා ක‍්‍රමවේදය සහ ඊට දායක කර ගන්නා පුද්ගලයින්ගේ විශ්වාසනීයත්වය වැදගත් වන බව ද එහි සඳහන් වේ.

සමරවීර මහතා විසින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.  


‘‘එවැනි මතයක් ප‍්‍රචලිත කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතු වන්නේ ලෝකය පුරා පරිධියේ රටවල ආර්ථිකය වෙළඳාම සහ මූල්‍ය පද්ධතිය ආදිය දුරස්ථ පාලකයක් මගින් මෙහෙය වීම සඳහා ආයතන කටයුතු කරන බැවිනි. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන මගින් රටවල් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප‍්‍රධානතම උපාංගයක් වන්නේ  ප‍්‍රතිපත්ති සම්පාදනයයි.

ප්‍රතිපත්ති මඟින් රටවල් හැසිරවීමට නම් ප‍්‍රතිපත්තිය සෑදීමේ ක‍්‍රියාවලිය අත්පත් කරගත යුතුයි. එසේ එම ක‍්‍රියාවලිය අත්පත් කරගත හැක්කේ තෝරා ගත් පුද්ගලයින් හරහා මහජන සංවාදයකින් තොරව හොර රහසේ ප‍්‍රතිපත්ති හැදුවොත් පමණි


ප‍්‍රතිපත්තිය නමින් ඉදිරිපත් කරන ලේඛනය සමග ප‍්‍රතිපත්තිය සකස් කළ ආකාරය පිළිබඳව මන්ත‍්‍රීවරුන් දැනුවත් කළ යුත්තේ ඒ නිසා ය. මීට පෙර 2017 සැප්තැම්බර් 05  දාතම සහිත අදාළ අමාත්‍යාංශය විසින් ශ‍්‍රී ලංකාවේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නමින් ලේඛනයක් මුදා හැර තිබුණි.

 

එම ලේඛනය පිළිබදව අදහස් ලබා ලබා ගැනීම සඳහා රවී රත්නායක නම් වූ පුද්ගලයකු ගේ නම සහ විද්‍යුත් ලිපිනය සටහන් කොට තිබුණි.


 අප විසින් යොදාගත් තොරතුරු අනුව ඔහු නවසීලන්ත පුරවැසියෙකු වන අතර වසර 30ක කාලයක් විවිධ ජාත්‍යන්තර සංවිධානවල සේවය කොට ඇත. පිටු 104 කින්  සමන්විත වූ එම ලේඛනය ඉන්පසුව පිටු 27 දක්වා සංස්කරණය කොට නව වෙළඳ ප‍්‍රතිපත්තිය ලෙස නම් කොට අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. එම ක‍්‍රියාවලියට දායක වූයේ කවුද යන්න පැහැදිලි නැත.


 ඒ අනුව ක‍්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් වීමේ වැදගත්කම ඔබතුමාට පැහැදිලි වනු ඇත. එනිසා ඊට අදාළ තොරතුරු මන්ත‍්‍රීවරුන් වෙත ලබාදීමට ක‍්‍රියාකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

 



අදහස් (0)

නව වෙළෙඳ ප්‍රතිපත්තිය ලේඛනය ගැන මන්ත්‍රීවරු දැනුම්වත් කරන්නැයි කතානායකට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 546 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site