( විනීතා එම් ගමගේ )
පූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟතාව පළ කර නැතැයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
එසේ වුවද ජනතාවට අවශ්‍යවන අන්දමේ නව පාලන ක‍්‍රමයක් ඇති කිරීම පිළිබඳව පක්ෂයේ අවධානය යොමු වී ඇතැයි ද හෙතෙම කියයි.
ව්‍යවස්ථා සංශෝධනයක් කරන්නේ බුද්ධාගමට හිමි තැන කොන්දේසි විරහිතව පිළිගෙන පමණක් යැයි ද අමාත්‍යවරයා කීය.
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ පුර්ණ ආශිර්වාදය ඇතිව උන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ඇති එවැනි සංශෝධනයක් ගෙන එන්නට හැකි යැයි විජේමුණි මහතා කියයි.
“ඒකබද්ධ විපක්ෂය සමඟ මහින්ද රාජපක්ෂ මහතා කියාගෙන යන දෙයක් තමයි නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තියෙන තැන නැති කරනවා කියන එක. අනික් ආගම් හා සම තැන බුද්ධාගම තියනවා කියලත් ඒ අය කියනවා“යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
විජිත් විජේමුණී සොයිසා මහතා මේ අදහස් පළ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
බදුරලියේ වේපනාව ආසන්නයේ මගුරු ඔය ඉහළ ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමකින් ගඟට වැටී ඇති පස් කන්ද ඉවත් කිරීම තවදින පහකින් පමණ ආරම්භ කළ හැකි වනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය. එම පස් කන්ද නිසා ගඟ ඉහළ ප‍්‍රදේශය මේ වනවිට විශාල ජලාශයක් බවට පත්වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව පාලන ක‍්‍රමයකට ශ්‍රීලනීපයේ අවධානය
siri Wednesday, 12 July 2017 08:08 AM
බොරු කියන්න එපා. ඡන්දයෙන් පැරදුණු මෙයා කියන ඒවා පිළිගන්න අපි සුදානම් නැහැ.