(ඩයනා උදයංගනී)
නව දේශීය ආදායම් බදු පනත අගෝස්තු තුන් වැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
මෙම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන සංශෝධන හා පාර්ලිමේන්තුවේදී ගෙන එන සංශෝධන ද ඇතුළත් කර සම්මත කර ගන්නා බව ද ඇමතිවරයා කියයි.
වසර තුනක් ඇතුළත ජනතාවගෙන් අය කරන වක‍්‍ර බදු 80% සිට 60% දක්වා අඩුකිරීම සහ ඍජු බදු 20%සිට 40% දක්වා වැඩි කිරීම තමන්ගේ මූලික අරමුණ බව කී මංගල සමරවීර මහතා ඒ ස`දහා මෙම පනත ගෙන එන බව ද පවසයි.
සමරවීර මහතා මේ බව පැවසුවේ මුදල් අමාත්‍යාංශයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd