(නිමන්ති රණසිංහ)

‘එම්.ටී.නිව් ඩයමන්ඩ්‘ නෞකාව සමුද්‍ර ආපදාවකට ලක්වූවාද නැතහොත් වෙනත් වරදක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර බැලීම සඳහා එම නෞකාවේ මුහුදු දත්ත ගමන් පටිගත කිරීමේ යන්ත්‍රයේ දත්තවල පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නැයි එම නැවේ පහසුකම් සපයන දේශීය නියෝජිතවරයාට අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු වැඩිදුර සැලකිල්ලට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම නියෝගය නිකුත් කළාය.