ඩයනා උදයංගනී
සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ආරම්භ කළ වෛද්‍ය නෙවිල් ප්රනාන්දු රෝහල ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට රජයට ඉදිරිපත් වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් අද (5) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත.
එම යෝජනාව සැළකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද එහිදී අනුමැතිය ද හිමිවී තිබේ.
සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවැති අර්බුදයට පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900කට ආසන්න වෛද්‍ය සිසුන් මේ වන විට ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග‍්‍රහණය කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගොල්ල මේ මොනවද කරන්නේ?
ඒ කියන්නේ ගුවන් හමුදාවට ආයතනය පවරලා, ගුවන් හමුදාවේ නමින් නැවත " සයිටම් පටන්ගන්නද යන්නේ? තවමත් මේක අතහැරලා නැහැ වගෙයි...
අනේ මාලබේ අපිට හොඳ සේවයක් ලැබෙනවා මේකෙන්. ඒකත් නැති කරන්න එපා.
නොදන්නා නිසයි අහන්නේ... මේකට ගත්ත ණයට මොකද උනේ. කවුද ඒවා ගෙවන්නේ. ලියාපදිංචි වෙච්ච ළමයින්ගේ සල්ලි ආපහු දෙනවද.
මොන ක්‍රමයෙන් හෝ නැවත පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්නවානම් කොච්චර හොඳද.
නෙවිල් ප්රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගනීද නැත්තං ගුවන් හමුදාව නෙවිල් ප්‍රනාන්දුට පවරලා දෙයිද දන්නෑ. ඒ වගේ ආණ්ඩුනේ මේවා...