තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක
අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
එය හෙට උදෑසන 6 තෙක් බලපැවැත්වෙනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.
ඇඳිරිනීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගන්නා බවත්, නඩු විභාගකයින් වැරදිකරුවන් වුවහොත් ඔවුනට අවුරුදු හතක් දක්වා වූ සිරදඬුවම් නියම කළ හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.
ඇඳිරිනීතිය කඩ කළැයි ඊයේ අත්අඩංගුවට ගත් හතර දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 21 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
ඉතා හොඳයි. ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවා දියහැකි උපරිම දඩුවම ලබා දිය යුතුයි. අපි තිස් අවුරුද්දක් වින්ද දුක ඇති. ජාති වාදී ගැටුම් තවත් නම් මේ රටට එපා.
පිටරටවල ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අම්මලා, තාත්තලාට, බිරිඳට, ළමයින්ට, ලෙඩ වෙලා ඉන්න අයට කතා කරන්න. ඔවුන්ගේ දුක සැප අහන්න විදියක් නෑ. මේ මෝඩ පාලකයින් නිසා. මහින්දගේ කාලේවත් මේ වගේ ගොන් වැඩ කළේ නෑ.
ඒ කාලේ රනිල් කෑ ගගහ හිටියා... අපි අසමත් රාජ්‍යයක් කියලා. දැන් සමත්ද දන්නේ නෑ.