අනීෂා මානගේ
නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු මුදලක් චීනයෙන් නොලැබුණු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (1) තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අදහස් දක්වමිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුදලක් ලැබුණේ නැහැ ඔය කියන ආකාරයට. අපි ඒක වගකීමෙන් කියනවා. මේ වන විටත් එෆ්සීඅයිඩී එකෙනුයි සීඅයිඩී එකෙනුයි අවුරුදු හතරක් පරික්ෂණ කළා. පිටරට සමාගම් නෙවේ.
ලංකාවේ සල්ලි දීපු අය ගෙනල්ලත් ප්‍රශ්න කළා. ගමේ දන්සැල් දීපු අයත් ප්‍රශ්න කලා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ බැඳපු අයත් ගෙනත් ප්‍රශ්න කළා. මුකුත් නෑ කියල තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ.
රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළ දෙයින්ම පැහැදිලි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා සීඅයිඩී එකෙන්ලු දුන්නේ තොරතුරු ටික. ලියපු මාධ්‍යවේදිනිය සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්ෂේප කරල තිබුණා. හැබැයි ආණ්ඩුවේ ඇමැතිවරයා කියනවා සීඅයිඩී එකෙන් පරික්ෂණ වාර්තා ටික දුන්නේ කියල. ඒකෙන්ම පැහැදිලියි හොයල හොයල මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යයට නිකුත් කරනවා.
නිව්යෝක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කළ පළමු අවස්ථාව මෙය නොවයි ජාත්‍යන්තර මාධ්‍යයක් වුණාට. රාජිත සේනාරත්න කියනවා නම් සීඅයිඩී එකට එෆ්සීඅයිඩීයට හොයාගන්න බැරිවුණු දේ නිව්යෝක් ටයිම්ස් හොයාගත්තා කියල රන්ජන් රාමනායක මහත්තයා කියනවා සීඅයිඩී එකෙනුයි එෆ්සීඅයිඩී එකෙනුයි තමයි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු දුන්නේ කියල.
එහෙම බැලුවාම ඒ දෙන්නම කියන්නේ බොරු. මේ දෙන්න ඇමෙරිකාව කිව්වොත් යුරෝපය කිව්වොත් එතනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණු දවසේ ඉදල කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා.




COMMENTS
පෙම් සිනා මගේ මල්ලියේ - කුණු සෝදාපන් දැන් සෙයිලමේ
මෝඩකමට බෙහෙත් නෑ කියන එකත් ඇත්තක්.
මුදු වැල්ල දිගේ කුණු පිරිසිදු කරාට, මෙයාලාගේ ඇතුළේ තියෙන කුණු කවදාවත් පිරිසිදුවෙන්නේ නෑ.
ඒ දෙන්න ඇමෙරිකාව ගැන කතා කරනවා විතරයි.... ඒ වුනාට ඔහේලගෙ පවුල්වල ගොඩක් අය ඇමෙරිකන්නෙ..
ආණ්ඩුව මඩ ගහනවා වෙන්නේ කොහොමද මේක මේ පිටරටක පලවෙන කීර්තිමත් පත්තරේක තිබිච්ච ස්වාධීන වාර්තාවක්, ලියපු ලේඛිකාව ඒ ගැන සහතික වෙලා තියෙනවා, අපි මෝඩයෝ කියලා හිතාගෙන මෙහෙම බොරු කියනවාද මන්ද?
හැම එකටම ට්විටර් ගහන එකේ බලන්නකො වාර්තාකාරියගෙ ට්විටර් එක, ඇය කියනවනෙ මේක පල කරන්න ඉස්සෙල්ල, තාත්තගෙනුත්, කබ්‍රාල් ගෙනුත්.. පැහැදිලි කිරීම් ඉල්ලුවත් උත්තරයක්වත් ලැබුනෙ නැහැ කියල.. දැන් ලොක්ක වගෙ ගැලරියට කතා කරනව.
අහිංසක මිනිසුන් කුස ගින්දරේ අඩන විට අපේ මහරජ සහ හොරු ටික අහිංසකයන්ගේ රට චීනුන්ට උගස්කර සල්ලි හොරකන ලදී. නැවත මිනිස් අාත්මයක් නොලැබේවි.
‘නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසිදු මුදලක් චීනයෙන් ලැබී නෑ’ කියන්න මෙයාට තියෙන බලය හෝ දැනීම කුමක්ද? ඒක කියන්නත් පුවත පලවී දින ගණනක් යනතුරු කිසිම රාජපක්ෂ කෙනෙකුට මතක් උනේ නැත්තේ මොකොද?
මෙයාගේ උපාධිය ගත්ත විදිය අපි දන්නවනේ. ඉතින් මේ කියන කතා විහිළු බව අපි දන්නවා.
මේවා බොරු නම් පලවූ විරුධව පුවත් පතට නඩු පවරන්න පුළුවන් මොකද එක නොකරන්නේ වන්දියක් ලබා ගන්න පුළුවන් මෙවට පිළිතුරු නොදී ලෝකේ තියෙන කතා දැන් කියනවා
හොරාගේ අම්මගෙන් පේන ඇහුව වගේ වැඩක් මේක.
චීන සමාගම්වල කෙරුවාව ගැනත් අපේ ලොක්කන්ගෙ කෙරුවාව ගැනත් අපිට කියන්න එපා. දෙකයි දෙකයි එකතු කළාම උත්තරේ මොකක්ද කියන්න කලු කබා ඕනි නෑ. අපි කොන්ඩෙ බැඳපු චීන්නු නෙවෙයි මහත්තයො.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත කියවන්න. ඒකේ කියනවා මේ තොරතුරු ලංකාණ්ඩුවෙන් ලැබුණු ඒවා කියලා.. එතකොට කවුද මේ තොරතුරු දුන්නේ...? කමෙන්ට්ස් දාන්න කලින් නිව්යෝර්ක් ටයිම්ස් එකේ වාර්තාව කියවන්න... රජයේ අනුදැනුම ඇතිව පලවු වාර්තාවක්...
හතර පස් දෙනෙක් අල්ලාගෙන කුණු එකතු කරනවා. අනේ ගිය කලක්. ඔහෙලගෙ කුණු හෝදන්න බ මේ කපේදී. අනිචන් දුක්කන් සංසාරේ.
රාජ්‍ය බලය හුවමාරු වෙන්නේ සුනාමි හොරු,මහබැංකු හොරු, සහ සුදු වෑන් මිනීමරුවන් අතරය. ජනතාව විසින් මේ බලය නැවත නැවත ඔවුන් වෙත පවරන බව රටේ විනිසුරුවන්ට සැක නැති බව පසු ගිය දින නඩු විභාගවලදී ඔවුන් ඉවත්වීමෙන් පෙනියන්නකි. ශ්‍රීලංකා අධිකරණයෙන් වැරදිකරුවන් තීරණය කළත් ඔවුන්ට සෙත් පැතීමට බික්ෂුන් වගේම ජනතාවද උසාවි ළඟ පෙළ ගැසෙන රටකි. වගකිවයුතු ජාත්‍යන්තර ආයතනයක් වැරදි පෙන්වා දුන්නත් ඒවා අපේ දේශපාලකයන්ට විහිළුවක්වී ගණන් නොගන්නේ ජනතාව ඔවුන් පිළිගන්නා බව දන්නා නිසාය. ලැබෙන දෙවිවරුන්ට අපේ ජනතාව පෝලිමේ පොරකකා පුදති. මේ නිසා දෙවිවරුන්ද ඔවුන්ගේ පැවැත්ම සඳහා යමක් සෙවිය යුතුය.
දුන්නේ නැහැයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද... දුන්නයි කියන්නද? අර කතාවක් තියනවනේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියලා. ඒවගේ තමයි මේකත්... මේ ගොල්ලෝ කියන්නේ ඇත්ත නම් මේ සරල උත්තරය දෙන්න මේ තරම් කාලයක් ගත්තේ ඇයි? නිව්යෝර්ක් පුවත්පතේ වාර්තාව දැක්ක ගමන් ඒක කරන්න තිබුණා. එහෙම නොකලේ මේ චෝදනාවෙන් ගැලවෙන්න වෙනත් ක්‍රමයක් හොයන්න ඇති.. එය අසාර්ථක වූ විට සරල හා පහසු ක්‍රමය වූ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විකල්පයක් නැති බව දැනුණු පසුව තමයි ඔවුන් කතා කරන්න පටන් ගන්නේ...
ගැලරියට කතා කරන්නේ නැතුව පුලුවන්නම් ඔය චීනයෙන් දුන්න කියන මුදලට සමාන ගානක් ඩොලර් මිලියන 7.3ක් ඉල්ලලා නඩු දාන්නකෝ. එතකොට ඇත්ත නැත්ත නිකම්ම ඔප්පු කර ගන්න පුළුවන්නේ. බැසිල් මහත්තය ඇමෙරිකාවේ පුරවසියෙක් නිසා එහෙම නඩුවක් පවරන්න කිසිම බාදාවක් නැහැ.