(සිරාජ් හසීම්)

නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග සරසවියේ කළමණාකාර පීඨයේ සිසුන් නව දෙනෙකුට මාසයක සරසවි තහනමක් පැනවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.එම්.එම්.නාජිම් මහතා ලංකාදීපයට පැවසීය.

පසුගිය 16,17 දිනවල කලමණාකාර පීඨයේ පළමු වසරේ සිසුන් රදවා ගනිමින් නවක වදය දී ඇති බවට සරසවියේ ආරක්ෂක නිලධාරීන් සහ ආචාර්යවරුන් කරන ලද පැමිණිලිවලට අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඒ මහතා කීය

නවක වදය කළමනාකරණ පීඨය තුළ පමණක් ක්‍රියාත්මක වන බවත් මෙතුළින් පළමු වසරේ සිසුන්ගේ  අයිතිවාසිකම් පවා අහිමි කර ඇති බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මෙම සිසුන් නව දෙනා ඔවුන් කළ වරද පිළිගනිමින් නැවත එවන් වරදක් නොකරන බවට පොරොන්දු ලබා දෙන්නේ නම් කොන්දේසි සහිතව සිය තීරණය වෙනස් කර සමාවක් ලබා දෙන බවටද උපකුලපතිවරයා පැවසිය.
 
කෙසේ වෙතත් සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා කලමනාකාරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසන්නේ පළමු වසරේ සිසුන් සමගින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි මොහොතක නවක වද චෝදනා එල්ල කරමින් මෙම සරසවි තහනම පනවා ඇති බවය.උපකුලපතිවරයා විවිධ චෝදනා එල්ල කරමින් කළමනාකරණ පීඨ සිසු සිසුවියන්ගෙන් පළිගන්නා බව ද එම සංගම් පවසයි.