IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


නාලක ද සිල්වාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණයට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලැයි කියන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණය වෙත ලබා දෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රස පරීක්ෂක ඒ.වැලිඅංග මහතා පැවැසීය.

මෙම ඝාතන සිද්ධියේ අදාල පැමිණිල්ල ඊයේ 27 අධිකරණයේ යලි කැඳවු අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයක් අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (28) පෙරවරු 10.00ට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනි සිටියේය.

අපරාධ නඩු විභාග සංග්‍රහ පනතේ 127 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය , නියෝජ්‍ය පොලිස්පතිවරයා කටහඬ පරීක්ෂාව සඳහා යොමු කර ඇති බව රජයේ ප්‍රධාන රස පරීක්ෂකවරයා වෙත බාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කෙරිණි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬේ පරීක්ෂණය පැය භාගයකට ආසන්න කාලයක් ලබා ගත් බව  අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.

ඝාතන සිද්ධිය අනාවරණය කළ දුෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ ජනරාල් නාමල් කුමාර මහතාගේ කටහඬ පරීක්ෂණය ඉකුත් 26 වැනි දින රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තු මගින් ලබා ගැනීම සිදු කෙරිණි.



අදහස් (3)

නාලක ද සිල්වාගේ කටහඬේ පරීක්ෂණ වාර්තාව සති තුනකින් අධිකරණයට

Priya Friday, 28 September 2018 09:23 PM

මොනවා... සති 3ක්..? පිස්සුද ඔයාලට? මෙච්චර තාක්ෂණය දියුණුවෙලා තියන යුගයක... අනේ මන්දා...

:       0       0

anura Saturday, 29 September 2018 12:54 PM

කටහඬක් තවත් කටහඬකට සසඳන්නේ විශේෂ පරිගණක මෘදුකාංගයක් භාවිතා කරමිනුයි. මේකට සති තුනක් යන්නේ 1960 ගණන් වල පරිගණක භාවිතා කළ විටයි. නූතනයේ ලැප්ටොප් පරිගණක පවා ඉතා වේගවත්. මහජනතාව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ දේශපාලන පක්ෂයකට බරව නොවේ. එසේ තිබියදී බොරු හේතු දක්වමින් කල් මැරීම මහජනතාව මුළා කිරීමක්...

:       0       2

RaveendraSunday, 30 September 2018 08:14 AM

ඔබගේ අදහස් සමඟ අපද එකඟ වන්නෙමු. තමන්ට ලබාගන්න දේවල් හැකි ඉක්මනින් ලබා ගැනීමත් තමන්ගෙන් සමාජයට, අනුනට වියයුතු සේවය සදහා ඈලි මෑලි පිළිවෙතක් අනුගමනය කිරීම " රජයේ සේවකයන් වැඩි දෙනෙකුගේ " සාමාන්‍ය ක්‍රියා පටිපාටියේ ප්‍රතිඵල වන්නේය. තවද මෙසේ කිසිවෙක් විමසුවහොත් ගතවන කාලය පිළිබදව දහසක් නිදහසට කරුණු කියනු නියතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2161 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site