IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නාය යෑමේ අවදානම් ප්‍රදේශවල පවුල් 15,000 ක්

(ඩයනා උදයංගනී)


            නායයෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශවල පවුල් 15,000ක් පමණ ජීවත් වන බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධක්‍ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.


            නුවරඑළිය,  බදුල්ල,  මාතලේ,  කෑගල්ල,  කළුතර,  හම්බන්තොට ආදී දිස්ත‍්‍රික්ක ගණනාවක නායයෑමේ අවදානමක්, අධි අවදානමක් හා අවම අවදානමක් පවතින ප‍්‍රදේශ හඳුනාගෙන තිබෙන බව කී කරුණාවර්ධන මහතා එම ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ද සඳහන්  කළේය.


            ඒ යටතේ මෙම වසර තුළ පවුල් 6000ක් එම අවදානම් ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ වන විටත් නිවාස 1200ක් ඉදිකිරීමේ කටයුතු සිදුකෙරන බව කියා සිටියේය.


             කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඉදිකෙරෙන මෙම නිවාස නායයෑම්, ගංවතුර ආදියට ඔරොත්තු දෙන සුරක්‍ෂිත නිවාස ලෙස ඉදිකරන බව ද හෙතෙම  ප්‍රකාශ  කළේය.


            ආසිරි කරුණාවර්ධන මහතා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (17)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


            වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ නායයෑමේ අවදානම් ස්ථානවල ජීවත් වන ජනතාවට ආරක්‍ෂිත ස්ථානයකින් ඉඩමක් මිලදී ගැනීමට ආධාර ලෙස රුපියල් ලක්‍ෂ 4ක්, නිවසක් ඉදිකරගැනීමට ලක්‍ෂ 16ක් වශයෙන් ලබාදෙන වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි.



අදහස් (0)

නාය යෑමේ අවදානම් ප්‍රදේශවල පවුල් 15,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site