(රොමේෂ් මධුෂංඛ)
පවතින නියං තත්ත්වය කොතරම් බලපෑවද කිසිඳු හිඟයකින් තොරව සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවටත් අගොස්තු සිට රටවල් හතරකින් ආනයනය කරන ලද සහල් බෙදා හැරීමට කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ වව්නියාව හා මන්නාරම් දිස්ත්‍රික්කවල සිදු කරන ලද සංචාරයකින් අනතුරුව අද (30) මාධ්‍යයට අදහස් දක්වමිනි.
“තායිලන්තය, ඉන්දියාව ,පකිස්තානය හා මියන්මාරය යන රටවල්වලින් සහල් ආනයනය කිරීමට පියවර ගත්තා.එම සහල් අගොස්තු සිට සතොස , සමූපාකාර සහ තොග වෙළෙන්ඳන් හරහා විකීණීමට පියවර ගන්නවා.“
“පුද්ගලික අංශයකටත් සහල් ආනයනය කරන්න අවස්ථාව දීල තියෙනවා.මේ වන විට සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිලක් ගැසට් කර තිබෙන නිසා තමයි සහල් මිල පාලනය වුණේ.“
“වැටලීම් හා පාරිභෝගික ජනතාවගේ ගැටලු විසඳීමේදී නිලධාරී හිඟයක් තිබුණා.ඒ සඳහා නව උපාධිධාරීන් 200 ක් පමණ බඳවා ගන්න කැබිනට් අවසරයත් ලැබුණා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
සතොස හොරා, සතොසට ගන්නේ එකම එක ගිනිපෙට්ටි ජාතියක් විතරයි .ඒ මොකටද?
ලැජ්ජා වෙන්න ඕනේ පිට රටින් හාල් අරන් එනවට... පැහැදිලි දර්ශනයක් නැහැ කෘෂිකර්මාන්තය දියුණු කරන්න.. වැව් පද්ධතිය දියුණු කරන්න උවමනාවක් නැතිකම.. තමයි.
ඔව් ඔව්, එනමුත් කූඩුවලින් නම් අඩුවක් නැහැ.
උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල්ලු. හාල් පිටරටින් එනකොට මල්ලිගේ මෝලට තුට්ටු 2 ට වී ටික ගන්නෙත් පුළුවන් , කුඩුකාරයන්ට කුඩු කිලෝ දාස්ගනන් ගෙන්නන්නත් පුළුවන්. අනේ මෙහෙම දේශපාලුවෝ ඉන්න රටක්
ඔවු, ඉතින් කොමිස් ගහලා පිට රටින් හාල් ගෙන්නන්න පුළුවන් නේ!. මේ රටේ ගොවියාට කෙලා බාපු ජාවාරම්මු ලාබෙට ගත්තු වී ටිකත් කොටලා මාර්කට් එකට දාන්න පුළුවනි. කෘෂි කාර්මික රටක් වුන මෙහි ගෙනයන මේ අමානුෂික හාල් ව්‍යාපාරික ජාවාරම් කාරයින්ට හෙන ගහන්න ඕන!නිපුන නයා, ජරලියා භංඝ වේවා!
හාල් ගැනනම් කියන්න දන්නේ නැහැ කුඩු සැපයුම නම් අඩු පාඩුවක් නැතිව සිද්දවෙනවා