ජයරත්න වික්‍රමාරච්චි
නියඟය හේතුවෙන් මාස එකහමාරකට ආසන්න කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විල්පත්තුව ජාතික උද්‍යානය හෙට සිට දේස් විදෙස් සංචාරකයන් සදහා විවෘත කෙරෙන බව විල්පත්තුව වනජීවී කාර්යාලය කියයි.
පැවති දැඩි නියඟය නිසා ඉකුත් අගොස්තු පළමු වැනි දා මෙම උද්‍යානය සංචාරකයන් සදහා තාවකාලිකව වසා දැමූ බවද එම කාර්යාලය පවසයි.
නමුත් පසුගිය දින කීපය තුළ පැවැති වර්ෂාව හේතුවෙන් එහි විල්ලුවලට ජලය එක්රැස්වී පරිසරය යථා තත්වයට පත්වෙමින් පවතින බැවින් යළි මෙසේ උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන් සඳහා 9 වැනිදා සිට විවෘතකර තැබීමට විෂය බාර අමාත්‍යාශංය හා දෙපාර්තමේන්තුව මට්ටමින් සාකච්ඡාකර තීරණය කර ඒ පිළිබදව තමා වෙත දැනුම් දී ඇති බව විල්පත්තුව ජාතික උද්‍යාන බාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද?
ඇත්තටම විල්පත්තුවේ දෙයක් ඉතිරිකරලා තියෙනවද? අර අපිට ඉන්නේ නියම පරිසර ඇමති කෙනෙක්.... ඇඬෙනවා තනි ඇහැට...
ඇත්තටම විල්පත්තුවේ දෙයක් ඉතුරුකරලා තියෙනවද? අපිට නියම පරිසර ඇමති කෙනෙක්නේ ඉන්නේ...