රංජන් කස්තුරි
නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ හිටපු විදුහල්පතිනිය වු රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක මුදල් පරිත්‍යාගයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) පියවර ගත්තේය.
බත්තරමුල්ල ඉසුරුපායහි පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම මුදල් චෙක්පත මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා වෙත පිරිනැමිණි.
රජයේ අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රජයේ සේවකයින් සඳහා රන් සහ රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දී තිබූ අතර අතපත්තු මහත්මිය රන් රක්ෂණ යෝජනාක්‍රමයට ඇතුළත්ව සිටි බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල ප්‍රමාණවත් නොවුනත් එය සතුටුදායක පියවරක් බව කියයුතුයි.
ඔය වැඩ සටහන සැලසුම් කරපු අයට දඬුවමක් නැද්ද? වන්දි මුදල අයකර ගන්න තිබුනේ ඔවුන්ගෙනුයි!
මේ වගේ රක්ෂණාවරණයක් තියෙන එක හොඳ දෙයක්. ඒත් ඉතින් ඒක දෙන්න ඇමැතිවරයාම ඕනෙද?
අපොයි මේ වන්දි ගෙවලා තියෙන්නේ එතුමියගේ රක්ෂණ අරමුදලින්නේ. එතකොට රක්ෂණ වාරික මුදල් ගෙවුවේ දෙපාර්තුමෙන්තුවෙන්ද? නැතිනම් නැසීගිය විදුහල්පතිනිය හම්බකරපු දෙයින්ද?