( ප්‍රසාද් මුතුකුඩ )
රජය විසින් වැඩිකළ ඉන්ධන මිළ පහත නොදමන්නේ නම් 11 දින සිට සියලුම ධීවරයින් එක්ව පාරට බහින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මහතා මීගමුවේදි පැවසීය .
ඒ මහතා මේ බව පැවසුවේ (07) දින ධීවර සමාජිකයින් පිරිසක් එක්ව මීගමුව මහ නගර සභාවේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදීය.
එහිදි නිමල් ලාන්සා මහතා මෙලෙසද කීය.
“අද මේ ආණ්ඩුව තමන්ගේ නොහැකීයාව තුලින් අසරණ ධීවරයින් රවටිමින් ඉන්නවා ඉන්ධන මිළ පහත දමන්න ආණ්ඩුවට අවශ්‍ය තාවයක් නැති බව පෙනෙන්නට තිබෙන කරුනක් මිල සංශෝදනය පිළිබඳව කැබිනට් එකට දලාත් නැහැ අනුමැතිය ලැබිලත් නැහැ .
කියලා අපි කියනවා හෙට ඉදලා ලබන ඉරුදින දක්වා ධීවරයින් සිය රැකියා කටයුතු වලින් ඉවත් වනවා ලබන සඳුදා මුළු ලංකාවේම ධීවර සමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සමාජිකයින් විවිධ සංවිධාන එක්ව මීගමුවෙන් පාරට බහින්න සියළු කටයුතු සුදානම්ව පවතිනවා එය ඉතා භයානක තත්වයක් වෙවි අපේ ආණ්ඩුව තිබුන කාලෙත් මේ දේ වුනා.
අපි ඒ සම්බන්ධව අත්දැකීම් තියෙනවා එදා සංචාරකයින් පිරිසක් සමඟ මීගමුවට පැමිණෙමින් තිබු දුම්රියක් ධීවරයින් විසින් පැය අටකට වඩා කාලයක් දුම්රිය මාර්ගය හරස් කොට තබාගත්තා යන්න නොදි තවත් කරුනක් පාරට වැටුණු ධීවරයා ආපසු හරවන්න බැරිවේවි.
මීගමුව පුරපති දයාන් ලාන්සා මහතා , මීගමුව මහජන නියොජිතයින්, උස්වැටකෙයියාව ධීවර සමිතිය, මීගමුව එකාබද්ධ ධීවර සමිතියේ සමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ඉන්ධන මිළ අඩු කරන්න කියලා පාරට බැස්ස ධිවරයන්ට හමූදාව දාලා වෙඩි තියන කොට කසාය බීපු ගොලුවෝ වගේ රාජපක්ෂලගේ පිලිකන්නේ ලැග්ග හාදයෝ අද රා බීපු මීයෝ වගේ අභියෝග කරනවා. පළමුව තමන්ගේ අතින් උන අපරාධය සම්බන්ධයෙන් ධීවර ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු අතර මියගිය ධිවරයගේ පවුලේ සමාජිකයන්ට සාධාරණ වන්දී මුදලක් ලබා දිමට කටයුතු කල යුතුය.
විශ්වාසද කටින් කතා කරන්නේ කියලා. මිනිස්සු ගොන්නු කියලද හිතන් ඉන්නේ.
පිස්සු හැදෙනවා කියන කතා දැක්කම. පුනුරුත්පත්තියක්ද මේ හිටපු නියෝජ්‍ය ඇමතිතුමාගේ පරණ දේවල් අමතක වෙච්ච.
මීගමුවෙ තනිකරම දුරාචාරය වපුරනවා.....තෙල් ඉල්ලල උද්ඝෝෂණය කරපු අයට වෙඩි තියල මරද්දි ඇයි ධීවරයො මතක් උනේ නැද්ද..
අල ගියතැන් මුල ගියතැන් සියාල් අමතක උණු මේ තැනැත්තා උණවිකාරෙන් දොඩවන බවක් හොදින් දිස්වේ....
හෙලිකොප්ටර් එකෙන් ඇවිත් සයිඩ් සපෝට් එකක් දෙන්න කෙනෙක් නැද්ද මහත්තයෝ? තව ටිකක් ඔහේ මොන මොනවා හරි කර කර ඉන්න, චාන්ස් එකක් එයිද බලන්න.
හිතන්න දෙයක් නෑ.......... මෙහෙ වැඩිපුර ඉන්නේ ඒ ජාතියෙ කට්ටිය තමයි.
වෙන මොනවා හරි බෙදල දුන්න නම් ධීවරයෝ නිශ්ශබ්දව එක තැනකට වෙලා ඉන්නවා .
ඔබතුමා ලා ධීවරයන් ට එදා සලකපු විදියට මේ ආණ්ඩුවෙනුත් සලකවලා දෙන්න වගේ යන්නේ
භූමිතෙල් මිල අඩු කලොත් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවෝ පැට්‍රල් ටැංකි වලට බූමිතෙල් මිශ්‍ර කරනවා. බූමිතෙල් මිල වැඩි කලාට පස්සේ විකිණීම දෙකෙන් පංගුවක් අඩුවෙලා. එකෙන්ම ඒ බව ඔප්පුවෙනවා