IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නොමිලේ පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

ඉදිරි යල කන්නයේ සිට වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා  නොමිලේ කාබනික පොහොර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවසීය.

පරිසර හිතකාමී පොහොර භාවිතය සඳහා ගොවීන් දිරිගැන්වීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ප්‍රදේශ කිහිපයක ගොවීන්ට අවම වශයෙන් කන්න 4ක් සඳහා මෙලෙස සම්පූර්ණයෙන්ම කාබනික පොහොර හෝ රසායනික පොහොර අනුපාතයක් සමඟ හෝ නොමිලේ ලබාදීමට තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුභසාධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.

ඉන් ලැබෙන ප්‍රතිඵල මත වී ගොවිතැන ඇතුළු අනෙකුත් ගොවිතැන් කටයුතු වස විසෙන් තොර ගොවිතැනක් බවට පත්කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව ද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.



අදහස් (0)

නොමිලේ පොහොර දෙන්න කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site