(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අධිකරණයේ පෙනී සිටි තිදෙනකු රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද(28) නියම කළේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින ඒත් අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බව කියන විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරුවරයා යළිත් වරක් සිතාසි නිකුත් කළේය.
අධිකරණයේ පෙනී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක යන අයට මෙලෙස ඇප නියම කෙරිණි.
අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැගවී සිටින බව කියන ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට යළිත් වරක් සිතාසි නිකුත් කෙරුණු අතර විත්තිකරුවෙකු ලෙස නම් කොට සිටින ගවර්ස් කෝපරේටඞ් ලිමිටඞ් ආයතනය වෙනුවෙන් කිසිදු නීතීඥ නියෝජනයක් සිදුවුයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මේවට ඇප දෙන උසාවිය අර රටේ බුද්ධිමත්ම ශිෂ්ෂ්‍යයින්ට සලකන්නේ අමානුෂික විදිහට.... මේවා අවභාවිතාව නිසා නොවේද? වෙන්නේ... මේවා නිසා තමයි අද වෙනකොට රටේ සල්ලි නැහැ කියන්නේ... සල්ලි කොහෙන්ද පුළුවන් තරම් විනාශ කරලා ඉතුරු ඒවා පිට රටවල හංගල මේවා හොයන්න එපා... එතකොට කාට කියන්නද?
මේ රුපියල් මිලියන 30 ක් කියන්නේ මෙයාගේ සම්භාරයෙන් කජු ඇටයක් වගේ දෙයක්. අඩුගානේ ඩොලර් මිලියන 30 ක් කීවානම් යාන්තන් හිතාගන්න පුළුවන් තරම් වටිනාකම් තියෙනවා...
හොද වැඩක් කරලා වගේ හිනාවෙන්නේ... මොකද?
මේ කට්ටියට ඇප මිසක් වෙන දෙයක් නෑ..
මෙවැනි විශාල මුදල් මංකොල්ලයකට චෝදනා ලබා සිටින අයට රක්ෂිත බන්ධනාගාරවල දොරවල් වැහෙන්නේ මොකොද ? මේ කල්ලිය ඇතුලේ කුප්‍රකට නමක් තිබෙන පුද්ගලයෙකුත් ඉන්නා නිසාද ? සිතාසි නිකුත් කල පමණින් විදේශ ගතවී සිටින අනිත් යුගල ඊළඟ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර වෙයිද ????? හිතන්න අමාරුයි !!!!