පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණවීර , ඩී වී චානක යන අය අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
හම්බන්තොටදී පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත මෙම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
මහජනතාව සමග එක්ව විරෝධතා පැවැත්වීමේ බලය මහජන නියෝජිතයන් ලෙස මන්ත්‍රීවරුන්ට ඇති බවත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වහාම සොයාබාලන ලෙසත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු කණ්ඩායම් නායක දිනේශ් ගුණවර්ධන මහතා කථානායන කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
එතකොට ඔය මහජන නියෝජිතයන්ට කරන්ට තියෙන්නේ මහජනයා උසි ගන්වා, උද්ගෝෂණ කරවා, ඒ අයව හිර ගෙවල් වලට යවලා, තමුන් පස්සට වෙලා ඉන්නද?
හරියටම හරි නාරධ
උසාවි නියෝග වලට අභියෝග කරන්න මැති ඇමතීන්ට පුලුවන්ද?
උසාවි නියෝග වලට අභියෝග කරන්න ඕනෑම පුරවැසියෙකුට පුළුවන්! උසාවි නියෝග කියන්නේ දේව නියෝග නොවේ! හැබැයී ප්‍රජාතන්ත්‍රවාදිව !
එතකොට මන්ත්‍රීවරුන් ඉන්නේ අධිකරණ නියෝග වල උඩින්ද මහත්තයා? ලැජ්ජා නැද්ද මෙහෙම කතා කියන්න.
අපි මෙතන බලන්න ඕන තව දෙයක් තියෙනවා. උතුරේ සිවාජිලිංගම් උද්ඝෝෂණය කරනකොට එයාව අත්අඩංගුවට ගන්නේ නැහැ. පොලිස්පතිත් කියනවා ඒ ගැන තව දුරට විමර්ශනය කරන බව. එහෙත් දකුණේදී කෙලින්ම අත්අඩංගුවට ගන්නවා. මට නාමල් ගැනවත් රාජපක්ෂ පවුල් හෝ ඒකාබද්ධ විපක්ෂය ගැනවත් නෙවෙයි අමාරුව. එකම පාර්ලිමේන්තුවට සහ පළාත් සභා වලට එන නියෝජිතයන් ගැන ක්‍රම දෙකක් ඇයි කියන එකත්. ඒ තත්ත්වයම තමා උතුරේ සහ දකුණේ උද්ඝෝෂණය කරන සිවිල් වැසියන්ටත් තිබෙන්නේ. ඇයි හැඳි දෙකකින් බෙදන්නේ. අනික කතානායක නියෝග කරලා තිබෙන්නේ එයාට නොදන්වා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගන්න එපා කියලා. පොලිසිය වැඩ කරන්නේ කාට ඕනාවටද?
ජනතාවගේ ප්‍රශ්නවලදී පාරට බැස විරෝධතා දක්වන්න මන්ත්‍රීන්ට ඇති අයිතිය ප්‍රයෝජනයට ගෙන මහජන නියෝජිතයින් රතු පස් ගැටලුවේදී එදා ජනතාවට එකතු නොවුනේ වෙඩි තියන බව කලින් සිට දැන හිටි නිසාද? දැන් බය නැතුව පාරට බහින්නේ වෙඩි උණ්ඩ වෙනුවට මාධ්‍යකරුවන්ගේ කැමරා කාච වලට මොවුන්ගේ මුහුණු වැටෙන නිසාද?
අන්න හරි චානක්. උසාවි නියෝග වලට අභියෝග කරන්න මැති ඇමතීන්ට පුලුවන්ද? කෝ ශිවජිලින්ගම්ටත් නීතිය?....සමාවෙන්න වැරදිලා කියවුනේ