(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්ද ඉක්මවන පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලීම නිසා එක්සත් ජාතික පක්ෂ ජාතික නාම යෝජනා මණ්ඩලය අර්බුදයකට මුහුණ පා සිටින බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.
මහනගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීම සඳහා 24,000කට වැඩි පිරිසක් නාම යෝජනා ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීයමේ සංඛ්‍යාව පළාත් පාලන නාම යෝජනා බාරදිය යුතු අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වැඩියැයි චන්ද්‍රසේකර මහතා කීය.
ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ ද එම පෙරමුණෙන් නාම යෝජනා ලබාගැනීම සඳහා නම් ඉදිරිපත් කිරීම නිසා අපේක්ෂක ලැයිස්තු සැකසීම තියුණු තරගයක ස්වරූපයක් ගෙන ඇතැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ආසන සහ දිස්ත‍්‍රික් මට්ටමින් සකස් කරනු ලැබු පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සිරිකොත පක්ෂ මුලස්ථානයට මේ වනවිට ලැබී ඇත. ඊට අමතරව පක්ෂ මූලස්ථානයට සෘජුවම අයැදුම් කළ 17,000කගේ නාම යෝජනා ඉල්ලූම්පත් ද පක්ෂ මූලස්ථානයේ සංශෝධන ලැයිස්තු ලෙස ද සකස් කර අවසන්ය.
සියලූ අපේක්ෂක නාම යෝජනා ලැයිස්තු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් එජාප ජාතික නාම යෝජනා මණ්ඩලයට මේ සතියේ ඉදිරිපත් කෙරේ. එක්සත් ජාතික පෙරමුණ, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන අවසන් අපේක්ෂක ලැයිස්තු සකස් කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වය දරන ජාතික නාම යෝජනා මණ්ඩලය මගිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන පොට පේනවා නේද? මෙයාල කීදෙනෙක් ගම, පළාත සහ රට ගැන හිතලා එනවද? පරිස්සමන් ඡන්දය පාවිච්චි කරන්න. අර පොහොටුවත් කට්ටියත් එහෙමයි. පක්ෂ දෙක තුනට පිටින් එන උගත් විද්වතුන් ගැන දැන් කල්පනා කර බලමු. නැත්නම් ගමට පළාතට රටට සහ අපිට අබ සරණයි.
අපේක්ෂකයෝ වැඩිවුණාට බලමුකෝ ඡන්දේදි කොහොම වෙයිද කියලා....
පැණිරස සුවඳ දැනෙන විට ඇබලයින් ඒ වෙත ඇදී යන්නාක් මෙන්, ගසා කෑමට සහ වංචා කිරීමට ඇති තැන් සොයා පාපතරයින්ද ඇදී යයි.
ආණ්ඩුව බලයේ තියෙන පැත්තට මිනිස්සු එකතු වෙනවා තමන්ගේ වාසි සඳහා .....
දිනන බව තේරිලා වෙන්න ඇති...
හොරකම් කරලා ගොඩ යන්න තියෙන හොඳම තැන තමයි.