IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


නාමමාත්‍රික විධායක ජනපති ධූරයට පෝද්දලින් විරුද්ධ වෙති


 
 
සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා 


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය වෙනුවට නාමමාත්‍ර විධායක ජනාධිපති ධූරයක් ඇතිවීමෙන් රට අස්ථාවර වන බැවින් එම සංශෝධනයට විරුද්ධ විය යුතු යැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ගෙන එන ලද යෝජනාවක් අද (12) වැඩි ඡන්ද නමයකින් සම්මත විය.
 
මෙම යෝජනාව ගෙන එන ලද්දේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දීපික ලියනගේ මහතා විසිනි. 
 
යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් හිමිවූ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණි. 
 
එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර එම සංඛ්‍යාව 9 කි.



අදහස් (7)

නාමමාත්‍රික විධායක ජනපති ධූරයට පෝද්දලින් විරුද්ධ වෙති

kalani Tuesday, 12 June 2018 09:15 AM

මේ නිහතමානි පරාර්ථකාමී මහත්වරු පත්ව සිටින දේශපාලන අමතකවීම පිලිබඳ මම කනගාටුවෙමි.

:       158       32

ලුම්බිණි Tuesday, 12 June 2018 09:38 AM

මෙහෙමත් මිනිස්සු.

:       40       1

Ranasinghe Tuesday, 12 June 2018 10:17 AM

එදා විධායක ජනාධිපති රටට අනවශ්‍යයි කියපු සිංහලයොම නේද අද ඒකට විරුද්ධ වෙන්නෙ. මොකටද විධායක ජනාධිපති කෙනෙක් මේ පුංචි රටට. කිසිම දේශීය ආදායමක් නැති වහල්ලු පිටරට යවා පිටරට ණයවලින් යැපෙන නිකං පිං ඇමතිල පලාත්සභා ප්‍රාදේශීය සභාවල ඉන්න මැරයො පාලනය කරන්නද. අපි ඉස්සර කොච්චර සතුටින් හිටියද නාමමාත්‍රික ජනපතිවරුන් සමග. අපේ රටේ සමහරුන්ට ඕන ජනපතිව ඒකාධ්තියෙක් මහරජෙක් කරන්නද..?

:       154       193

Hafeel Tuesday, 12 June 2018 11:16 AM

1994 සිට 2015 දක්වා තේරීපත්වූ සියලු ජනාධිපතිවරු බලයට ආවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවයි කියමින්. වත්මන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් කිව්වේ දින 100 ක් තුල විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවයි කියලා. පහුගිය ජනාධිපතිවරණ 5න්ම ජනතාව තීන්දු කරල තියන්නේ මේක අහෝසි කරන්න. ඒ නිසා පුංචි සභාවල්වල ගෙන එන යෝජනාවල් මෙතන්ට වලංගු නොවේ.

:       76       84

සතයපාල Tuesday, 12 June 2018 02:13 PM

කලබල වෙන්න දෙයක් නොවෙයි.රාජපක්ෂ මහත්තයගේ මැද මුලණ වළව්වේ පිලිකන්නේ තිබුණ පොල් ලෙළි ගොඩකට ආපු ආසාවක් නොවැ. උන්නැහේලා දන්නේ නැතිව ඇති තමන්ගේ නායකයා දෙපාරක්ම රටට පොරොන්දු වුණ විත්තිය මේ විධායකේ අහෝසී කරනවා කියලා.

:       0       43

ධනුෂ්ක Tuesday, 12 June 2018 02:36 PM

දැන් මිනිස්සු ඉල්ලනවා කියන්නේ එ්කාධිපතියෙක්ලුනේ. මම හිතන්නේ මේ රටේ මිනිස්සුන්ටත් එ්කාධිපතියකුගේ අත්දැකීම් ලබා දෙන්න ඔනේ එ්ක කොහොමද කියලා තේරුම් ගන්න. එ්ක අත් විඳපු රටවල් එහි අර්ථය හොඳටම දන්නවා. ඔය එනවා කියන එ්කාධිපතියා අාරක්ෂක ලේකම් ඉද්දි දුන්නු අත්දැකීම් ඔය මිනිස්සුන්ට මතක නෑ. නැත්තනම් දන්නෑ. විධායක බලතල සහිතව පත් වුනාම බලා ගත්තහැකි.

:       104       84

kalani Wednesday, 13 June 2018 03:51 AM

පොල් ලෙල්ලක් ඉදිරිපත් කලත් දිනන, අතීතය අමතකවීම ස්වාභාවිකය. වසර දහස් ගණනක රාජාණ්ඩු පාලනයක වහල් මානසික ජාන අපේ මිනිසුන්ගෙන් තවම ඉවත්ව නැහැ. බත් මුඛය පාදාගන්න රජතුමා ළඟ බඩගා ගිය ජාතියකට එකාධිපතියකුගේ පාලනය ගැන වගවීමක් නැත. යහ පාලනයේ 'පරිනත' ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීමටද හැකියාවක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 124 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 971 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site