(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්‍රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන තිබේ.
නිධානය ලබා ගත් බව කියන සැකකරුවන් ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් ලබා ගන්නා ලදැයි කියන මැණිකේ මිල නියම කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැනුම් දෙන්නැයි වැඩ බලන මහෙස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා නියෝග කළේය.






COMMENTS
බජට් එක පියවගන්න මුදල් ඇමතිට දුන්නනම් ළූ ණූ වල ගාන බස්සව ගන්න පුළුවන්.
එය විකුණා ලබන මුදල භාණ්ඩාගාරයට දෙමු.පොලිසියේ මහත්වරුන්ට 2% ක් බෙදල දුන්නොත් හොඳයි.
මෙය පුරා වස්තුවක් නම් මිල කල නොහැකි තරමේ වටිනා කමක් තියෙනවා. මේ වගේ එකක් අරාක්ෂා කර ගන්න එක තමයි ප්‍රශ්නේ.
මේක ඇත්ත මැණිකක් ද? .
වනාන්තරයක කොහේ හරි කවුරුවත් නොදැන පස් යට තියෙන මෙවැනි වටිනා දේවල් , කවුරුහරි මහන්සියෙන් තම දක්ෂතාවයෙන් සොයා ගත්තම වෙන රටවල්වල ඔවුන් ඉතා ඇගයීමකට ලක් කරනවා , පුරා වස්තුන් ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එම මුදල් ඔවුන්ට ලැබෙනවා, බොහෝ විට රජයේ කෞතුකාගාරවලින්ම මේවා මුදල් ගෙවා ලබා ගන්නවා . අපේ රටේ මේ අය බන්ධනාගාර ගත වෙනවා .
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. එල්ලෙන සියල්ල රඹුටන් නොවේ වගේ.... නිල්පාට ගල් සියල්ල මැණික් නොවේ.
මැණික් නිධාන කරන්නේ දිය පහරක් ආශ්‍රිතව. මොකද දිය සීරාව නැත්නම් මැණික් බොල් වෙනවා. මෙය සත්‍ය නිධානයක්.
මෙය ඉක්මණින් වෙන්දේසි කරන්න. මුදල් භාණ්ඩාගාරයට දෙන්න.
පොළවේ මැණික් අයිති සොයාගත් කෙනාට. මේක නිධානයක් කියන්නේ කොහොමද? රක්ෂිතය යන්නේ තේරුම කුමක්ද.? රිෂර්වේෂන්ද? නැත්නම් වර්ල්ඩ් හෙරිටේජ් යටතේ එකක්ද?
වීදුරු බෝලයක් වගේ ........ නිල මැණිකක් යනු කොරන්ඩම් කුලයේ ගලකි. බොහෝවිට ඇතුලත අපද්‍රව්‍ය ඇත සාමාන්‍යයෙන් ඔප දමන්නේ පට්ටම් ආකාරයටයි. ඒ අනුව මෙය නිලක් විය නොහැක.
මේක ඇත්ත මැණික් ගලක්ද කියලා සැකයක් ඇතිවෙනවා පින්තුරය දැක්කම...
පොලිස්සියත් එක්ක වැඩේ ෂේප් කර ගත්තානම් මොකද? ඒත් බලාගෙන නිදන් හොරුන්ටයි ඒවා තියා ගන්න අයටයි සාපය පසුපස්සේ එනවා. ඊජිප්තුවේ පාරාවෝ නිදන් හොරුන්ට වුනු දේවල් අසා ඇතිනේ.
මේක රාවණා රජ්ජුරුවන්ගේ නිල් මැණික.....රාවණා රජ්ජුරුවන්ගේ උට්ඨාන කථාවේ එන දේවාල වලින් එකක් තමයි මේක.....