කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති නිදහස් කුසලාන අවසන් මහ තරගයේදී බංග්ලාදේශය කඩුලු 4 කින් පරාජය කිරීමට ඉන්දියාව සමත් විය.
තරගයේ අවසන් පන්දුවට හයේ පහරක් ගැසූ දිනේෂ් කාර්තික් ශ්‍රී ලංකාවේ නිදහස සැමරීමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති විස්සයි-20 තරගාවලියේ කුසලානය ඉන්දියාවට දිනා දුන්නේය.
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166 යි.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 168 යි



ඡායාරූප - ශාන්ත රත්නායක
තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න
COMMENTS
ඉන්දියාවට ජය වේවා. ජය හේ.....
මේවනෙ තරඟ කියන්නේ. කීදෙනෙකුට හෘදයාබාධ හැදුනද දන්නේ නැහැ.
හරිම සතුටුයි. ලංකාව දිනුවා වගේම සතුටක් ඇති වුනා. මොකද ගිය සිකුරාදා අපේ තරගයෙදී ඇතිවූ සිද්ධි මාලාව නිසා ලංකාවේ ක්‍රීඩා ලෝලීන් සියලුම දෙනා සහයෝගය දුන්නේ ඉන්දියාවට. බංගලිදේශයේ ක්‍රීඩකයින් එපා වෙලා හිටියේ. ඒ ගොල්ලන්ගෙ හැසිරීම අන්තිම පහත්.
අපේ මිනිස්සු වගේ ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති මේ කොමෙන්ට්ස් දැක්කම.
ලෝකේ දෙයියෝ ඉන්නවා. නියම මැච් එක.
මම හදවතින්ම ප්‍රර්ථනා කලේ ඉන්දියාවට මේ ජයග්‍රහණය ලැබෙන්න කියල. බංගලාදේශ කණ්ඩායම පසුගිය 16 වනදා තිබුණ තරගයේදී හැසිරුණු ආකාරය චිතගොන් වල කුඩු මුදලාලිලාටත් අන්තයි. හරිනම් ඔවුන්ගේ ICC සාමාජිකත්වය අයින් කරන්න ඕන. ආයිත් සිවිලයිස් වෙලා අයදුම් කරන්න කියල. මුන් ටික ග්රෝත්තරිකයෝ වගේ තමයි හැසිරුනේ.
හරිම දුකක් දැනුණා අපේ අහිංසක cricket නරඹන්නෝ ගැන. හරියට අපිට රටක් නැති උනා වගේ . දයාසිරිලා වගේ අය නිසා උන්ගේ පුද්ගලික සතුට වෙනුවෙන් අපේ ක්‍රීඩක යන්ගෙන් පලි ගන්න රටක අබිමානය නැතිකළා ... මාලිංග වගේ පරිනත යන්ව කපලා සතුටුවෙනවා . අහිංසක ශ්‍රී ලංකික නරඹන්නෝ කරන්න දෙයන් නැතිව ඉන්දියාවට චීයර් කරනවා . 70 වසරක CRICKET සැමරීම් මේ වගේ දෙයක් ද අපි බලාපොරොත්තු උනේ ?? මට නම් කදුළු අවා අපේ අපේ අහිංසක cricket නරඹන්නෝ දැකල ?? පව් ?? කාට කියන්නද ? නායකයෙක් නැති රටක් වගේ ???
අප්‍රසන්න බන්ගලියන්ට හොද වැඩේ වුනේ.