(කටුනායක ටී.කේ.ජී.කපිල )
චීනයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මෙම චීන ජාතිකයන් දෙදෙනා 32 සහ 36 යන වයස් වල පසුවන්නන් වේ.
ඔවුන් දෙදෙනා අද (06) දින අලුයම 2.00 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් ලක්ෂ 22ක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි 44,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 220 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරී චන්න ශාන්තප්‍රිය , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.ඒ.පී.එන්.ගුණවර්ධන , බී.ඩී.එස්.ඒ. විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්. ඒ.කරුණාරත්න , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.පී.කිරිවත්තුඩුව , රේගු අධිකාරී ජී.එම්.බී.ගජනායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.පී.කිරිවත්තුඩුව මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම චීන ජාතිකයන් දෙදෙනාට අවවාද කර නිදහස් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගුවන් යානයෙන් එන සියලුම චීනජාතිකයන්ගේ බැග්ස් පිටවීමට පෙර ස්කෑන් කළ යුතුයි.
තමන්ගේ රටට එනවා කියලා හිතනවා ඇති. චීනෙනේ.
චීනය මහා ලොකු දියුණු රටක් කියන්නේ බොරුවක් වෙන්න ඕන. එහෙ ඉන්නෙත් හොර ජාවාරම්කාරයෝ.