(ටී.කේ.ජී.කපිල )
ඩුබායි හි රැකියා සඳහා ගොස් සිටි ලාංකිකයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ විස්කි බෝතල් තොගයක් සමඟ අද (28) අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොවුන්ගෙන් එක් අයෙක් 41 හැවිරිදි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් පුද්ගලයා 20 හැවිරිදි මාකොළ, සියඹලාපේ පදිංචිකරුවෙකි.
මෙම දුම්වැටි 49,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 249 ක් සහ විස්කි බෝතල් 07ක් අසුරා සඟවා ගෙන තිබුණි.
මෙම දුම්වැටි අතර විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් , ඩන්හිල් සහ බිස්නස් රෝයල් යන වර්ග වලට අයත් ඒවා තිබිණි. මේ සියල්ලේම මුළු වටිනාකම රුපියල් 25,11,000 ක් බව රේගුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd