( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘නන්දි ‘ නැමති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ පළකළ එකඟතාවය ලබන මැයි 26 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය
වඳවී යන සතුන් නම් කොට ඇති රතු දත්ත පොතට ද ඇතුළත් දුර්ලභ ආසියානු අලි පරපුරකට අයත් පස් හැවිරිදි ‘නන්දි ‘ නැමැති අලි පැටවා නවසීලන්තයේ ඕක්ලන්ඩ් සත්ව උද්‍යානයට තෑගි කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අද (31 ) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ධර්ම විජය පදනම , එහි සභාපතිවරයා , බෝධිරාජ පදනම ,ඕමල්පේ සෝභිත හිමි , බෝවත්තේ ඉන්දරත්න හිමි ඇතුළු 18 කු විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පොලිස්පති ,පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ අධ්‍යක්ෂ , වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 41 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිපති එකඟතාවය මැයි 26 තෙක් දිගු කරයි
mahee Sunday, 02 April 2017 12:36 AM
මේකේ හරි වැරැද්ද නම් මං දන්නේ නැහැ. හැබැයි, නවසීලන්තේ සත්වෝද්යානවල (අනික් තැන්වලත් ) සතුන්ට සලකන දක්වන ඉහල සැලකිල්ලත් අපේ කට්ටිය සත්තු කරදරකාරයෝ හැටියට සලකල දක්වන සැලකිල්ලත් දැකල තියෙන නිසා මට හිතෙනවා නව සීලන්තෙට යන්න නොලැබීම මේ අලි පැටියගෙ කරුමේ කියල.