(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා සැම එකාවන්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් වෛරයෙන් , ක්‍රෝධයෙන් පිරුණු රටක ආණ්ඩු මාරුවීම්වලදී සිදු වන මහා පරිමාණ දේශපාලන පළිගැනීම් නැතිකර ජරාජිතයාටත් ජයග්‍රහකයාටත් මේ රටේ අභිමානයෙන් ජීවත් විය හැකි වටපිටාවක් සැදීම අද දවසේ දෙශපාලන වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ අතර බල අරගලය සමතයක් කර ගත යුතු බව කී ජනාධිපතිවරයා මෙවැනි බල අරගල වලින් අපේක්ෂා භංගත්වයට පත්වන බවද පැවසීය.
දුණයෙන්,වංචාවෙන් තොර රාජ්‍ය තන්ත්‍රයක් ඇති කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බවත් කෝටි දස ලක්ෂයක ණය බර ජනතාව මත නොපටවා කළමණාරණය කරමින් වේගවත් සංවර්ධනයකට කැපවිය යුතු බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුලෙන් අදින්න හිටපු කට්ටිය එන්න එන්නම අඩුවෙන නිසා නැගී සිටින්න අමාරු වෙන එකක් නැහැ. නැගී හිටලා මදි පොරොන්දු වුන දේවල් දැන්වත් ඉටු කරන්නත් පියවරක් ගත්තොත් තමයි හොඳ.
අවුලට වැටී තිබුණු දේසපාලනය තවත් අවුලට වැටුනේ ඔබගේ සම්ප්‍රාප්තියෙන් පසුවයි .. මන්ද යත් යහපාලනය සහිත පොරොන්දු ප්‍රකාශයක් රට හමුවේ තියලා බලය ලැබුණු පසු ඊට පයින් ගහලා ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින් දුවට බෑනාට සහෝදරයන්ට නීතිවිරෝධී ධනය ඉපයීමට ඉඩ සලසා දෙමින් පක්ෂ නායකයින් කොටවමින් රට අරාජික කිරීම හෙයින් ..
ඔව් ඔව් සිංහලයාට මින් ඉදිරියට නැගිටින්න අවස්තාවක් ලැබෙන්නේ නැත. මේ සිංහල අපගේ රටයි කියන්න පුළුවන් කමක් නැත. කකුලෙන් ඇද ඇද සිටි ඔබලාට මොවුන්ගේ බෙල්ලෙන් අල්ලා සිංහලයාට වෙන්න යන මේ විපතින් සිංහලයා බේරා ගන්න අවස්තාව ලැබී ඇත. ක්‍රීයාත්මක වෙයල්ලා. ව්‍යවස්ථා සන්සොදනයක් එපා කියව .
මේ සිංහල රටේ අපිට නැගී සිටින්න ඇති එකම අවස්ථාව මෙය වෙන්නේ කොහොමද? කව්ද අපිව පාගාගෙන ඉන්නේ යහපාලකයෝ හැරෙන්නට?
දැන් හරි ඔක්කොම දැන් ඉදලම වැඩ පටන් ගනී. අපේ රටට කිසිම ප්‍රස්නයක් නැහැ.
නගින බහින එක කෙසේ වෙතත් එකාවන්ව කටයුතු කරන්න ගිහින් ළඟදීම අපට සුභ සහ යස බලන්න වෙයි වගේ?
මේ අවුරුදු 3 ට නැගී හිටපු ප්‍රමාණය හොදම ඇති. ඩොලරය රුපියල් 132 සිට 158 ට නැගී හිටිය. පාතාලය හොදටම නැගී හිටලා තියෙනවා. කොටි හෙවනැලිත් හොදටම නැගී හිටලා තියෙනවා. උතුරේ තියෙන පන්සල වලට විරුද්ධවත් දැන් දැන් නැගී හිටිමින් ඉන්නවා. බලයේ ඉන්න දේශපාලුවන්ගේ ආර්ථිකයත් හොදටම නැගී හිටලා තියෙනවා. පිරිමි නර්ස් කෙනෙක් දොස්තරලගේ රාජකාරි ගැන උපදෙස් දෙන්න තරම් නැගී හිටලා තියෙනවා. තව ඕනේ තරම් නැගී හිටපුව ගැන කියන්න පුළුවන්. 2020 වෙනකොට රටට අබ සරනයි.