(ඩයනා උදයංගනී)
කොළඹ හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතාගේ ස්ථාන මාරුව අවලංගු කර ඔහු යළිත් නාගරික කොමසාරිස් ධූරයට පත්කරන්නැයි එම නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී ලෝගේෂ්වරන් මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මන්ත‍්‍රීවරුන් 31දෙනෙකුගෙන් යුත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ අත්සන් සහිතව ආණ්ඩුකාරවරයාට යොමු කළ ලිපියක් මගින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.
කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වශයෙන් 2015 වසරේ සිට මේ දක්වා ඉතා කාර්යශූර සහ අවංකව කටයුතු කළ වී.කේ.ඒ අනුර මහතා ධූරයෙන් ඉවත් කර ඇත්තේ ඉතාමත් අසාධාරණ සහ අයුක්ති සහගත අයුරින් බව ඔවුන් ආණ්ඩුකාරවරයාට ලියූ ලිපියේ සඳහන්ය.
නව සභාව ආරම්භ කිරීමට දින ගණනාවක් තිබියදී පළපුරුදු නිලධාරියා ඉවත් කරනු ලැබුවේ සභාව අකර්මන්‍ය කිරීමට ද යන්න ගැන සැකයක් තමන්ට පවතින බවද එ.ජා.ප මන්ත‍්‍රී කණ්ඩායම සිය ලිපියේ දක්වා තිබේ.
මෙම ලිපියට ඇහුම්කන් දී තම ඉල්ලීම ඉටු නොකළහොත් ඉදිරියේදී එම තීරණයට එරෙහිව දේශපාලනමය වශයෙන් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයන් මාරු කිරීමේ වගකීම දේශපාලකයන්ට පවරලද?