අංජුල මහීක වීරරත්න
යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ගම් ගණනාවක් ඉදිරියට ගෙන යාම නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී අද පැවසීය.
මඩකලපුව ගුවන් තොටුපොළ දේශීය ගුවන් තොටක් ලෙස දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ළඟා කර ගැනීමට අවස්ථාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ එරාවුර් නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. රුපියල් ලක්ෂ 450ක වියදමකින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා කියන්න කව්ද මහබැකුව වංචා කිරීමට අනුබල දුන්නේ කියලා? රට සුද්ද කරන්න අපට පොරොන්දු වෙලා දවස් 40 කින් මහබැංකුව හොර කෑවා... කව්ද ඇමති එතකොට? කොහොමද අගමැති වෙලා අපට පුරුසාරම් දොඩවන්නේ?
කෝ බලන්න අම්බරුවන් රෑනගේ නම් ගම් හරියට තියෙනවද කියලා?
නැගෙනහිර සංවර්ධනය කරනවා කියල කරන්න හදන්නේ ත්‍රිකුණාමල වරායත් විකුණන්න හදන එකද? එච්චරනේ තමුන්නාන්සේ දන්නා එකම ආර්ථික ක්‍රමවේදය.
දැන් උතුර නැගෙනහිර විතරද සංවර්ධනය කරන්නේ..මේ එකතු කරන්නේ ඡන්ද ටික නේද මිස්ටර් රනිල්..වැඩක් නෑ ඔයාලා ෆේල්
අන්දරෙත් පරාදයි මෙයාට. හිනා ගස්සනව කියල ඔහොම හිනා ගස්සන්න හොඳද නේද?
දැන් හොරු අල්ලලා ඉවරයි. රට පුරාම මෙයාගේ (නොමිලේ) ෆිරී වයිෆයි. දැන් මෙයාට කරන්න ඉතුරුවෙලා තියන්නේ නැගනහිර දියුණු කිරීමෙන් සංචාරක කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් ළඟා කර ගැනීම පමණයි.