(චමිල් රූපසිංහ)

හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සිටින අලි ඇතුන්ගෙන් පමණක් පෙරහර පැවැත්වීමට සිදුවන  බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. දැනට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් 110 දෙනකු පමණ සිටින අතර ඔවුන්ගෙන් 75 දෙනෙක් මහනුවර ඇසළ පෙරහරට එක්වෙති.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

දළදා මාළිගාව සතු හීලෑ අලි ඇතුන් ගේ ඇත් පන්තියේ අලි තිදෙනකු සහ ඇතුන් 9 දෙදෙනකු සිටින අතර ඔවුන් පෙරහැර සඳහා සහභාගි වීමට තරම් සෞඛ්‍ය සම්පන්නව සිටින බව දළදා මාළිගාවේ අලි ඇතුන් බාර නිලධාරියා වන හස්ති වෛද්‍ය ප්‍රදීප් මියනපලාව මහතා පැවසීය.