(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත‍්‍රික්ක 8ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ගාල්ල සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව කළුතර දිස්ත‍්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට, ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දෙහි ඕවිට, දැරණියගල, යටියන්තොට, අරණායක, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, වරකාපොල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි, රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ රිදීගම, ඉබ්බාගමුව, මාවතගම, මල්ලවපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇල්පිටිය, ගාල්ල සහ කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ සීතාවක ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ ඒ අවට ප‍්‍රදේශයන්හි මෙම අවදානම පවතින බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප‍්‍රකාශ කරයි.
එබැවින් මෙම ප‍්‍රදේශයන්හි බෑවුම් ආශ‍්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම සංවිධානය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිස්ත්රික්ක 8 ක් නාය යෑමේ අවදානමක්