IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරයි

 (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දුෂණයට  (Visual Pollution) අදාළ රෙගුලාසි ක‍්‍රියාත්මක කරන බව නීතිපතිවරයා අද (31)  අභියාචනාධිකරණයට  දැනුම් දුන්නේය.
 
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
 
පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියේ අදාළ රෙගුලාසි බලාත්මක වීමට ජනාධිපතිවරයා අස්සන යෙදිය යුතු බවය.එම කටයුතු අවසන් වූ පසු රෙගුලාසි ක‍්‍රියාත්මක කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියාය.
 
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දුෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.



අදහස් (3)

දෘෂ්‍ය දූෂණයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරයි

sharm warn Thursday, 31 October 2019 11:49 AM

කරුණාකරලා නීතිය දැන්වත් ක්‍රියාවේ යොදවන්න. අපේ රට හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ, අපරධකාරයන්ගේ මිනිමරුවන්ගේ රජ දහනක් වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරවන අය දේශපාලන බලපෑම් වලට යටත් වෙලා ඉන්න නිසා අපිට මේක ඇති වෙලා ඉවරයි. කරුණකර දැන්වත් මේ වැරැද්ද නිවරැදී කරන්න.

:       0       3

Mahee Thursday, 31 October 2019 01:42 PM

මට නම් දෘශ්‍ය දූෂණය දැනෙන්නේ ඔය කියන කටවුට්, පෝස්ටර් වලටත් වඩා මේ අපිව රවට්ටන්න. එ්ක මජර දේශපාලුවන්ගේ මූණත් තහඩු සජීවීව දැකීමෙනුයි..

:       0       13

Raveendra Thursday, 31 October 2019 10:38 PM

ඇත්තෙන්ම මෙම අදාල නීති රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එය තම මව්බිමට ආදරය ඇති අවංක පුරවැසියන්ට කරන මහඟු සේවයකි. මක්නිසාදයත් මෙම පාදඩයින්ගේ රූපකායන් දැකීමේදී එම පුරවැසියන්ට බෝ නොවෙන රෝග ක්ෂණිකයකින් ඇතිවීමට ඉඩකඩ බොහෝවිට ඇතිවිය හැකිය. උදාහරණ ලෙස අධික රුධිර පිධානය, රුධිරය විෂවීම, කෝපය ඉහවහයාම යනාදී වශයෙනි.. අපගේ මාතෘභූමියට හොඳක්ම වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 276 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site