(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දුෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි ක‍්‍රියාත්මක කරන බව නීතිපතිවරයා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ අනූෂා සමරනායක මහත්මිය මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ මෙම රෙගුලාසි ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සම් කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියේ අදාළ රෙගුලාසි බලාත්මක වීමට ජනාධිපතිවරයා අස්සන යෙදිය යුතු බවය.එම කටයුතු අවසන් වූ පසු රෙගුලාසි ක‍්‍රියාත්මක කරන බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරිය කියා සිටියාය.
ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දුෂණයට අදාළ රෙගුලාසි වලට අනුව ක‍්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික‍්‍රමරත්න සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා නීතිය දැන්වත් ක්‍රියාවේ යොදවන්න. අපේ රට හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ, අපරධකාරයන්ගේ මිනිමරුවන්ගේ රජ දහනක් වෙලා තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරවන අය දේශපාලන බලපෑම් වලට යටත් වෙලා ඉන්න නිසා අපිට මේක ඇති වෙලා ඉවරයි. කරුණකර දැන්වත් මේ වැරැද්ද නිවරැදී කරන්න.
මට නම් දෘශ්‍ය දූෂණය දැනෙන්නේ ඔය කියන කටවුට්, පෝස්ටර් වලටත් වඩා මේ අපිව රවට්ටන්න. එ්ක මජර දේශපාලුවන්ගේ මූණත් තහඩු සජීවීව දැකීමෙනුයි..
ඇත්තෙන්ම මෙම අදාල නීති රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් එය තම මව්බිමට ආදරය ඇති අවංක පුරවැසියන්ට කරන මහඟු සේවයකි. මක්නිසාදයත් මෙම පාදඩයින්ගේ රූපකායන් දැකීමේදී එම පුරවැසියන්ට බෝ නොවෙන රෝග ක්ෂණිකයකින් ඇතිවීමට ඉඩකඩ බොහෝවිට ඇතිවිය හැකිය. උදාහරණ ලෙස අධික රුධිර පිධානය, රුධිරය විෂවීම, කෝපය ඉහවහයාම යනාදී වශයෙනි.. අපගේ මාතෘභූමියට හොඳක්ම වේවා !!!