(විනීතා එම් ගමගේ)

පළාත් පාලන මැතිවරණයේ දී දූෂිතයන්ට නාමයෝජනා දුන්නොත් ඔවුන් රටට හෙළි කරන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

තම බල  ප‍්‍රදේශයේ එවැනි දුෂිතයින් ඉදිරිපත් කරන බව වාර්තා වන්නේ නම් ඒවා මාර්තු 12 ව්‍යාපාරය වෙත ඉදිරිපත් කරන්නැයි හෙට්ටි ආරච්චි මහතා ජනතාවගෙන් ද ඉල්ලා සිටියේය.

ජනතාවාදී අපේක්ෂකයින් තෝරා යවන්නට ජනතාව සුදානම් නමුත් බොහෝ සංවිධායකවරුන්ගේ මැදිහත් වීම් නිසා දක්ෂ අපේක්ෂකයින් තෝරන්නට පක්ෂ ලේකම්වරුන්ට අවස්ථාව අහිමි වී ඇතැයි පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය.

හෙට්ටිආරච්චි මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(11) පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් අමතමිනි.