(බිඟුන් මේනක ගමගේ)
දූෂණවිරෝධී යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලය අනුමත කළ රුපියල් ලක්ෂ 160 ක මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරය කටයුතු නොකිරීම නිසා ඊට එක්සත් ජාතින්ගේ මූල්‍යාධාර ලබාගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුව ඇත.
කැබිනට් මණ්ඩලය අනුමත කළ අදාළ මුදල ලබාදීමට මහා භාණ්ඩාගාරයෙන් කටයුතු නොකළ විට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා යම් මැදිහත්වීමක් කළ ද එම උත්සාහය ද සඵල නොවී යැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවැසීය.
එම මූල්‍යාධාර මත අදාළ වැඩපිළිවෙලට විදෙස් විශේෂඥයකුගේ සහාය ලබාගැනීමට කොමිසම කටයුතු කළේ යැයි කී හෙතෙම එම විශේෂඥයා හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා කීපයක්ම පැවැත්වී යැයි කීවේය.
මෙරටින් දූෂණය තුරන් කිරීමට සිදුව තිබෙන්නේ කැබිනට් තීන්දු පවා හකුලාදමන්නට සමත් නිලධාරිවාදයක් ක්‍රියාත්මක වන අතරේ යැයි කී හෙතෙම දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාට ඇති උනන්දුව ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට නොවීම කනගාටුවට කරුණකැයි ද කීවේය.
තීරණාත්මක තීන්දු ගත යුතු බොහෝ අවස්ථාවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ද දූෂණවිරෝධී ආකල්පමය පෙළඹුමක් නොවීම ද දූෂණය මැඩලීමට විශාල බාධකයක්ව ඇතැයි ද ජයමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝයි නිලධාරිනුයි දෙගොල්ලෝම හොරකම් කරන්නයි, කරන හොරකම් වහන්නයි ගියාම රටට වෙන්නේ මොනවද?
මේ රටේ ඉහළ නිළධාරී පැලැන්තිය හා දේශපාලකයන් දූෂණ වීරෝධී ක්‍රියාමාර්ග හා වැඩ පිලිවෙලවල් කඩා කප්පල් කිරිමේ උත්සහයක නිරත වෙලා ඉන්නා බවට මෙය ඉතා හොද සාක්ෂියකි. ඒ නිසා මෙවැනී ප්‍රගතිශිලි වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරීමට හැකිදැයි සොයා බැලීය යුතුය.