
(දසුන් රාජපක්ෂ)
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම යටතේ ස්ථාපිත විශේෂ පොලිස් ඒකකයට අලුතින් පැමිණිලි 162 ක් ලැබී ඇති බව එම ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.එම පැමිණිලි අතරින් පැමිණිලි 48 ක් අදාළ විමර්ශන අවසන් කර විභාග කිරීම සඳහා ජනාධිපති කොමිසම වෙත යොමු කර තිබේ.
ඉතිරි පැමිණිලි 114 පිළිබඳ මේ වනවිට විමර්ශන කටයුතු සිදුකරමින් පවතින් බව සඳහන් වේ.
ඒ අනුව මෙම විශේෂ පොලිස් ඒකකයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1842 දක්වා ඉහළ ගොස් ඇත.
ලැබී ඇති සමස්ථ පැමිණිලි අතරින් පැමිණිලි 449 ක් ජනාධිපති කොමිසමේ විෂය පථයට අයත් නොවන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් වලට ලක්වූ සේවක සහන සලකා බැලීමේ කමිටුව වෙත එම පැමිණිලි යොමු කර ඇත.
COMMENTS